14000ක් නම්බු පිටින් යති


නිවාඩු    නොමැතිව  හමුදා   සේවයට   වාර්තා   නොකර   සිටින  හමුදා   සාමාජිකයන්ට  නිත්‍යනුකූලව ඉවත්විම  සඳහා වන  කාලය ලබන  25 වැනි  දින දක්වා   දිර්ඝ  කොට  ඇති  බව  හමුදාව  කියයි.

ඉකුත්   02 වැනි දින සිට අද (16) දක්වා   පොදු   13,600 ක්  දෙනා   භාර වු   බවත්   වැඩබලන  හමුදා   මාධ්‍ය  ප්‍රකාශක  බ්‍රිගේඩියර්   ජයනාත්   ජයවීර   සඳහන් කරයි.

මින්   10,400 දෙනෙකුට   නිත්‍යනුකුල ව  සිය  අස්වීමේ   ලිපි    දැනටමත්   නිකුත්   කර ඇති බවත්   සෙසු පිරිසගේ අස්වීමේ  කටයුතු   ද  දින  කිහිපයකින්  අවසන්  කරන  බවත්  ඔහු පවසයි.