14 න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජපන් සංචාරයක


ජපාන-සාක් සහයෝගිතා වයස 14න් පහළ පාපන්දු වැඩසටහනට සහභාගීවීම සඳහා වයස 14න් පහළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය. එම වැඩමුළුවට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් අටක් සහභාගි වන අතර ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩකයෝ විසිදෙදෙනෙක් ඇතුළත් වෙති. කඳාන ද මැසිනොද් විදුහලේ සිසුවකු වන එස්.ආර්.සී. රංගු සිල්වා වැඩමුළුවට සමගාමීව පැවැත්වෙන පාපන්දු සැණකෙළියේදී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය ජපාන ජාතික පාපන්දු සම්මේලනයේ අධීක්‍ෂණයෙන් එම වැඩසටහන සංවිධානය කරන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජපන් සංචාරයට සහභාගි වෙයි. ජපන් සංචාරයේදී ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයන්ට නැගෙනහිර ජපානයේ සිදු වූ දැවැන්ත භූ කම්පනයෙන් පසු එම ප‍්‍රදේශයේ යළි පිබිදීම පිළිබඳව දැක බලා ගැනීම සඳහා චාරිකාවක්ද සංවිධානය කිරීමට ජපන් බලධාරින් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක රුක්මාල් පෙරේරා මහතා පවසයි. ජපන් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 14න් පහළ පාපන්දු කණ්ඩායම හා ඔවුන් ඉගෙනුම ලබන පාසල්. එස්.ආර්.සී. රංගු සිල්වා (නායක - කඳාන ද මැසිනොද්), කේ.සී.බී. සාරංග (කළුතර සිරිකුරුස), කේ.එස්. සංජන (මාතලේ ශාන්ත තෝමස්), මොහොමඞ් සහීල් (කොළඹ අල් හික්මා ම.වි.), ඒ.එච්. රංජිත් (තර්ස්ටන්), වී.එස්.වී. අවිෂ්ක හා නවීන් ජූඞ් (රාජකීය), මොහොමඞ් නජාඞ් (බදුල්ල අල්අදාන්), ඞී.එම්.ටී.එම්. කරුණාරත්න (බදුල්ල ධර්මදූත), මොහොමඞ් ෆාරුඞ් (කොළඹ සහිරා), මොහොමඞ් මසීර් (කළුතර මුස්ලිම්), එම්.ආර්.එස්. පීරිස් (ලූම්බිණි), ෂහාන් නිර්මික (බදුල්ල ධර්මදූත), නිරාන් චානක (බදුල්ල ධර්මදූත), සුල්ෆිකාර් අහමඞ් (කොළඹ සහිරා), ඒ.එන්. ඥානේස්වරන් (යාපනය ශාන්ත හෙන්රි), පී.බී.එල්.එස්. මධුරංග (කළුතර සිරිකුරුස), අකිල් අහමඞ් (කොළඹ සහිරා), මොහොමඞ් නබීල් (බදුල්ල අල්අදාන්), බුවෙනක ප‍්‍රභාත් (කුරුණෑගල මලියදේව), රසීක් රියාඞ් (ගාල්ල ශා. ඇලෝසියස්) නිලධාරින්:- රෝහිත ප‍්‍රනාන්දු (කණ්ඩායම් ප‍්‍රධානි), ආනන්ද අන්තෝනිපිල්ලේ (කණ්ඩායම් කළමනාකරු), නිමල් විජේසේකර (පුහුණුකරු), හා බර්ටි බැනිස්ට (සහය පුහුණුකරු) යන මහත්වරු.