වීර පොදුජන පදනම සංවිධානය කළ 21 වැනි ජාතික විරුජන සම්මාන උළෙල ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ආරක්ෂක සේවා විද්‍යාලයේදී පැවැත්විණි.
2014 වසරේ අප්‍රේල් මස 18 වැනිදා වැලිකන්ද අරලගංවිලදී 13 දෙනකු රැගත් අත් ට්‍රැක්ටරයක් ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් ජීවිත අවදානමට ලක්වූ පිරිස බේරාගත් පිඹුරත්තැව අලුත්වැව පදිංචි චමින්ද සම්පත් කුමාර හා අරලගංවිල ප්‍රියන්ත චන්දන බාලසූරිය යන දෙදෙනාට විරුජන සම්මාන හිමිවිය.
වීර පොදුජන පදනමේ සභාපති කසුන් පී. චන්ද්‍රරත්න මහතාද එම අවස්ථාවට එක්විය.







