10 හැවිරිදි දැරිය සැත්කමකින් දරුවා බිහි කරයි


ගබ්සාව සඳහා නීතියෙන් අවසර නොලැබුණු දස හැවිරිදි ඉන්දියානු දැරිය සිසේරියන් සැත්කමකින් දියණියක ප්‍රසූත කැර ඇති බව වාර්තා වේ. ඉපැදුන දරුවාගේ බර කිලෝග්‍රෑම් 2.5 වන අතර චන්දිගාර් නගරයේ රෝහලකදී ප්‍රසූතිය සිදුවී ඇත.

මව සහ දරුවා සුවයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති. 

දැනට අත්අඩංගුවේ පසුවන දැරියගේ මාමා විසින් පසුගිය මාස හතක කාලය තුල ඇයව බොහෝවාරයක් අපයෝජනයට ලක්කළ බව දැරිය ප්‍රකාශ කර තිබිණි. පසුගිය ජූලි මාසයේ උදරාබාධයක් හේතුවෙන් දෙමාපියන් විසින් දැරිය රෝහල් ගත කැර තිබූ අතර එහිදී දැරිය ගැබිණියක බව හෙළි වී ඇත.

ඇය චන්දිගාර්හි ප්‍රාදේශීය අධිකරණයකට ඉදිරිපත් කළද ගබ්සාවක් මගින් දරු ගැබ ඉවත් කිරීම ඇගේ ජීවිතයට ඉතා අවදානම් බව වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියහ. 

වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම දැරිය දරු ප්‍රසූතියක් සිදුකළ බවවක් නොදන්නා බවයි. ඇය පවසා ඇත්තේ ඇගේ උදරය ලොකු වන්නේ එහි විශාල ගලක් ඇති නිසා බවයි. 

දැරියගේ දෙමාපියන් අළුත උපන් දරුවා බාරගැනීමට අකමැති වූ හෙයින් බිළිඳා දරුකමට හදාගැනීමට දීමට තීරණය කර ඇත.  අඩුමාස ගනනකින් ඉපැදුන නිසා දැනට මෙම බිළිඳා දැඩි සත්කාර ඒකකයේ තබා ඇති බව රෝහල් බලධාරීහු පවසති.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)