'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ'


(ප්‍රසාද් මුතුකුඩ)

මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි.

හමුදාව ඉවත් වුවහොත් නැවත සේවයට පැමිණීම ගැන සලකා බලන බවද ඒ මහතා පවසයි.

විරෝධතාකරුවන් තෙල් පර්යන්ත පරිශ්‍රයෙන් ඉවත් නොවුවහොත් ඔවුන් ඉවත් කිරීමේ සූදානමක් හමුදාවට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයට ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ ත්‍රිවිධ හමුදා,විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ඇතුළු වූ අතර මේ වන විට ඔවුහූ එම පර්යන්තය පුරා ආරක්ෂාව සලස්වමින් සිටිති.

මේ වන විට එම තෙල් පර්යන්තයේ කටයුතු කිසිම අයුරකින් ක්‍රියාත්මක නොවෙයි.විරෝධතාකරුවෝ අට්ටාල ද සකස් කරගනිමින් එම පර්යන්ත පරිශ්‍රයේ රැඳි සිටිති.