යහපාලනයක් හා මිනිස් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ නැතැයි විපක්ෂය කියනවා. එසේ නම් උතුරේ ඡන්දය පවත්වන්නේ කෙසේද? උතුරේ ඡන්දය පවත්වන්තේ රජය යහ පාලනය ගෙන යන නිසයි. මිනිස් අයිතිවාසිකම් සුරකින නිසයි. ඕනෑ කෙනකුට ඕනෑතරම් නිදහස ශ්‍රී ලංකාවේ තිබෙනවා.‘ මහින්ද රාජපක්ෂ ජනපති එසේ පැවසුවේ වාරියපොල ලෙන්මලු රජමහා විහාරයේ උත්සවයකදී ය.
විහාරයේ බෝධි ප්‍රාකාරය වටා රන් වැටක් ද, දාන ශාලාවක් ද, ඝාණ්ටාර කුලුන ද ජනපති අතින් විවෘත විය.
උටුගම බුද්ධරක්කිත අස්ගිරි මහනාහිමියෝ මුලසුන දැරීය.
දරුවන් දහම්පාසල් යවා ආගම දහමට නැඹුරු කරන ලෙසත් ජනපති මව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.