'රන්ටැඹේ, රන්දෙණිගල වාන් දොරටු ඇරලා:ආරක්ෂාව දෙන්න'


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රන්ටැඹේ සහ රන්දෙනිගල  ජලාශ වල දොරටු කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස විවෘත කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

මෙවැනි  ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවන්නේ ජලය හිඟ වී ඉන්ධන වලින් බලාගාර  දුවන්නට වන තත්ත්වයක් නිර්මාණය වීම බවත්  වෘත්තීය සමිති වලට රට බිත්තියට හේත්තු කරන්න ඉඩ දෙන්නට නොහැකි යැයිද මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය යැයි ද අමාත්‍යවරයා පැවසීය.