(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙල් ලැබෙන්නේ සල්ලිකාරයන්ගේ ෂෙඩ් වලට පමණක් බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
සමුපකාර ෂෙඩ් වලට තෙල් ලැබෙන්නේ නැති බව කී දයාසිරි ජයසේකර මහතා උඩුබද්දාවට දින 14කින් තෙල් ලැබී නැතැයිද පැවසීය.