දැවැන්ත සංවර්ධනයක් සමග එකම වැඩ බිමක් බවට පත්ව ඇති රට අවුල් නොකිරීම කාගේත් වගකීම විය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති බියගමදී ප්‍රකාශ කළේය.
‘කිසිවකුත් උපන් රටට ද්‍රෝහි නොවිය යුතුයි. වෛර නොකළ යුතුයි. විපක්ෂයේ යුතුකම වන්නේ ද අනාගත පරපුර වෙනුවෙන් රට නැංවීමට දායක වීමයි.‘
බියගම පට්ටිවිල ජල පවිත්‍රාගාරය දිනකට ලීටර දහඅටකෝටියක් අලුතින් එක් කැරෙයි. එයින් ලක්ෂ දහයකට පමණ පිරිසිදු පානීය ජලය සැපයේ.
වැය කළ මුදල රුපියල් කෝටි 1015කි. කැලණි ගඟ ජල මූලාශ්‍රයයි. බියගම, කඩවත, කැලණිය, වත්තල, රාගම, සීදූව හා ගනේමුල්ල ජනතාවට පිරිසිදු ජලය ඉන් සැපයේ.
බියගම පවිත්‍රාගාරයට අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (අයි.එස්.ඕ) සහතිකය ද හිමිවේ.
ජල පවිත්‍රාගාරයකට මෙවැනි සහතිකයක් හිමි වූ මුල්ම අවස්ථාව මෙයයි.