වත්මන් රජය යටතේ සිදුවු බව කියන රුපියල් කෝටි 5900ක බැඳුම්කර සිද්ධියට හවුල් වූවන්ට අලුත් ආණ්ඩුවකින් දඬුවම් කළ යුතු යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේය.
මේ වංචාව නිසා රටේ පොලී අනුපාත ඉහළ ගොස් ඇති බවත්, රුපියල් කෝටි 200ක් හම්බ කර ගැනීමට දැරූ ප්‍රයත්නයේදී සියලු දෙනාටම අදවන විට එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වී ඇති බවත් අනිත් අයට හොරු කියන වත්මන් ආණ්ඩුවේ හොරු සිටින බැවින් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් කළ යුතු බවද ඔහු පැවසීය.