IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


කන්ටේනර් කතාවට බිමල්ගෙන් සැර පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ)

රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු  සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ පිරිසක් ඔවුන්ගේ පරණ පව් වසා ගැනීමට මෙම සිද්ධිය ජරා විදියට දේශපාලනයට යොදා ගැනීමට ගොස් පච වුණු බව පැවසූ අමාත්‍යවරයා  සිද්ධියේ සියලු  සුලමුල ඉදිරියේදී හෙළිවනු ඇතැයිද සඳහන් කළේය.



අදහස් (9)

කන්ටේනර් කතාවට බිමල්ගෙන් සැර පිළිතුරක්

යෝගා Wednesday, 02 July 2025 11:06 AM

නිලධාරින් පිටින් දාලා පව් හෝදගන්න වෙන්නේ නෑ ලොක්කා මේ පාර. ලෑස්ති වෙලා ඉන්න වෙලාව එනකම්...

:       8       137

අරවින්ද මොණරවිල Wednesday, 02 July 2025 11:24 AM

2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වූ මහ ශ්‍රමදානයේදී අතපසු වීමෙන් සමහර කුණු ගොඩවල් ඉවත් කරන්න බැරි වුණා, ඒ කුණු ගොඩවල් දැන් සමාජය ගඳ ගස්සමින් හා ලෙඩ රෝග පතුරුවමින් රට තුළ අවුල් සහගත තත්වයක් නිර්මාණය කරන්න. ඒ නිසා වහාම මේ කසළ ගොඩවල් දේශපාලනයෙන් ඉවත් කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි...!

:       112       7

sugath Wednesday, 02 July 2025 11:29 AM

කියව කියවා ඉන්නේ නැතුව පරීක්ෂණ කරන්න. හැමෝම කියවනවා විතරයි... පරණ ආණ්ඩුවක කාලේ වුණානම් මෙලහට අපිටත් කනක් ඇහිලා ඉන්න නැහැ.

:       4       71

අරුණි Wednesday, 02 July 2025 11:43 AM

ඒ සම්බන්දයෙන් ජනාධිපතිගේ තීරණ කිසිසේත්ම අදාල නොවේ. වගකීම් පැහැර හැරීමෙන් සිදුවූ සහ ඉදිරියේදී ජාතික ආරක්ශාව ඇතුලු අනිකුත් විය හැකි හානි වෙනුවෙන් විශය භාර අමාත්‍යවරයා ලෙස ඔබට නීතිය ඉදිරියට යෑමට සිදුවන බව සිතේ තබාගන්න. ආඳෙකු මෙන් කටින් ගසා දමා ලෙස්සා යෑමට මදක් අපහසු විය හැකි වරදක් සිදුවී ඇත.

:       7       77

චන්දිම Wednesday, 02 July 2025 12:25 PM

ඔය විදියට බහාලුම් පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ වැරදි ක්‍රමවේදය නීතිගත කලේ හිටපු ජනපති රනිල් සහ හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා යන දෙදෙනාගෙන් සහ එවකට සිටි කැබිනෙට්ටුවේ තීරණයක් මත බව සමහරු පවසනවා. ඒ අනුව ක්‍රමවේදයක් විදියට ඒ කාලේ පටන්ම ඔය වැඩේ දිගටම කෙරීගෙන ආවාලු. නැතුව මේ ආණ්ඩුව හදිසියට පටන් ගත්තු එකක් නොවෙයිලු. ඒක ඇත්තක් නම් මොකද්ද වෙන්නේ?

:       71       2

මාලමාගැත්තා Wednesday, 02 July 2025 12:32 PM

හොරාගෙන් පේන අහලා වඩක් නෑ සහෝ. ආණ්ඩු පෙරලුනාම තමයි මෙව්වා එළියට ඇවිත් කෂ්ටිය ඇතුළට යන්නෙ. ඔය චක්කරේ කමයි අපේ රටේ .

:       0       59

මහසෙන් Wednesday, 02 July 2025 12:32 PM

ලොකුම විහිලුව මෙයාම සැර පිළිතුරක් දුන්න එක..

:       0       50

fairoosmr Wednesday, 02 July 2025 02:02 PM

ඉතාම හොඳයි... පොහොට්ටුවේ ආණ්ඩු කාලේ කුඩු කන්ටේනරුත් ලංකාවට ගෙන්නා ගත්තා.

:       32       5

ගුණරත්න Wednesday, 02 July 2025 04:47 PM

ඒ මහත්තයා විහිළු කරනවා වෙන්න ඇති නේද? ඔය කන්ටේනර් නිදහස් කිරීමෙන් වරදක් වුණාලු, ජනාධිපතිලු තීන්දුව ගන්නේ. වරදක් වෙලා නම් ඇයි ජනාධිපති තීන්දුව ගන්නකම් ඉන්න ඕනෑ? ඇමැතිතුමාද කිව්වේ කන්ටේනර් නිදහස් කරන්න කියලා...?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 196 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 701 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site