ඕස්ට්‍රේලියාවේ පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවේ


ඕස්ට්‍රේලියාවේ බටහිර දිග පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවී ඇතැයි වාර්තා වේ. මෙයින් විශාල රත්‍රන් කුට්ටිය කිලෝ ග්‍රෑම් 95ක් බරින් යුතු බවත් එහි රන් අවුන්ස 2400කට වැඩි ප්‍රමාණයක් පවතින බවත් පතල් සමාගම පවසයි.

මෙය ඉතා දුර්ලභ සිද්ධියක් බවත් රන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන ගනණක් බවත් පතල් විශේෂඥයෝ පවසති.

කිලෝග්‍රෑම් 65ක් බර දෙවැනි රන් කුට්ටියේ රත්‍රන් අවුන්ස 1600ක් පවතින බව සොයා ගෙන ඇත.

සාමාන්‍යයෙන් පතලකින් අවුන්ස කිහිපයක කුට්ටි හමු වුවත් මෙවැනි මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි මීට පෙර හමුවී නොමැති බවද ඔවුහු සඳහන් කරති.

මෙය නිකල් ලෝහය සඳහා කැනීම් කරන පතලක් බවත් පැවසේ.

(බීබීසි ඇසුරිණි - 085)