2026 වසර උදා වීම සිංහ ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබේ ලග්නය පිළිබදව දැනුවත් වෙන්න.
සමාජීය පසුබිම
හිතවතුන්ගේ උදව් උපකාර ලැබෙන කාලයක්.සමාජසේවා කටයුතු වලට සුබයි.සෑම කටයුත්තකම පෙරමුණ ගෙන කටයුතු කරනවා. ශක්තිවන්තව තමන්ගේ දේවල් කරගෙනයන කාලයක්.කෙතරම් සැලසුම් කලත් අලස කම ජීවිතයේ බැදිලා තියෙනවා මේ කාලය තුළ. ඔබ සැලසුම් කරන දේවල් පසුවෙනිදට ක්‍රියාත්මක කරන්න ගියාම කම්මැලි කම නිසා එය නොකර අතහැර දමනවා. ඒ වගේ තත්වයන් ඇතිවෙන්න පුලුවන් . නිතරම කේන්ති යන ස්භාවය තිබෙනවා. නින්දා අපහාස ලැබිය හැකියි. කල හොද පසුපසුන් එන්න පුලුවන් කාලයක්. අන් අයට උදව් කලා නම් එවැනි දේ පසු පසුන් එන කාලයක්. කල්පනාකාරී වෙන්න, බුද්ධිමත්ව කටයුතු කරන්න.
වටිනා දේවල් අතුරුදහන් වෙන්න පුලුවන් . තමන්ට වටිනා බඩු හාහිරාදිය අතුරුදහන් වෙන්න ඉඩකඩක් තිබෙනවා. පවුලේ අසමගිය ඇතිවෙන්න දෙන්න එපා. ඒවාගෙන් වාද විවාද ඇති වෙන්න පුලුවන් . ඒ නිසා අසමගිය ඇතිවෙන්න දෙන්න එපා.
ආදායම් තත්වය
විදෙස් ගත අයගේ ආදායම් වර්ධනය වනවා.වියදම් වැඩි වන කාලයක්. වියදම් වැඩි වීම පාලනය කරගත යුතුයී . නොසිතූ දේට පවා වියදම් සිදුවිය හැකියි.ණයට මුදල් දෙන්න යන්න එපා. එන නැවත හම්බෙන්නේ නෑ. ආයෝජනය කිරීමේදී ඔඅරිස්සම් වෙන්න.
රැකියාවේ ස්භාවය
ලේඛකයන්ට, උගතුන්ට සුබයි. රැකියා මාරුවීම් වලට මේ කාලයේ ක්‍රියාත්මක වීම හොදයි . කලහාකාරී දේට මැදි වෙන්න සිදු වනවා. විනෝදයට අධිකව වියදම් කරන්න උත්සාහ කරනවා.
සෞඛ්‍ය තත්ත්වය
ගර්බනීය මව්වරුන් 2026 දී ප්‍රවේසම් වෙන්න. ඔවුන්ට හදිසි අනතුරු ඇතිවෙන්න පුලුවන් . අනෙක් ඔඉරිසට අනතුරු, ලිස්සා වැටීම් ,වාහන අනතුරු , ඇතිවීමේ තත්වයක් විටින් විට පෙන්නුම් කරනවා. අර්ශස්, හන්දි රෝග ,හෘද රෝග , කුෂ්ඨ රෝග, වන , දද ,කුෂ්ඨ , සම්බන්ධ රෝග ඇතිවීමේ ඉඩ තිබෙනවා. ඒවාගෙන් පරිස්සම් වෙන්න.
අධ්‍යාපනය
ඉගෙනීමට ඉතා යහපත් කාලයක්.
ප්‍රතිකර්ම
අගමික කටයුතු වල යෙදෙන්න. අලුයම හතරයි තිහ සහ පහයි තිහ යන කාලය තුළ බෝධි පූජා කටයුතු සිදු කිරීම, දජග්ග සූත්‍රය දේශනා කිරීම,පිච්ච මල් පූජා කිරීම,ගුන ගරුක සිල්වත් අයට දානමය පින්කන් සිදු කිරීම,යාචකයන්ට දන් දීම ,රෝගීන්ට පිහිට වීම යනාදිය සිදුකිරීම මගින් ඔබට සෙත ශාන්තිය උදා වේවි.
අදහස් දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය
සටහන - පියුමිකා වීරසූරිය

