2026 වෘෂභ ලග්නය හිමි ඔබට කොහොමද


2026 වසර උදා වීම වෘෂභ  ලග්න හිමියන්ට වර්ෂය පුරා බලපාන  ප්‍රබල ග්‍රහ මාරු සහ ඒ ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට කලයුතු ප්‍රතිකර්ම පිළිබඳ දැනුවත් වෙන්න.

සමාජීය පසුබිම

වෘෂභ ලග්න හිමියන්ට 2026 වසර යහපත් වසරක්. කෘෂිකර්මාන්ත කටයුතු කරන අයට සුබයි. රැකියා ස්ථාන වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.ආර්ථික වශයෙන් යම් යහපත් මට්ටමක් සැලසෙනවා.අධික කාර්යබහුලත්වයක් තිබෙන්න පුළුවන්. පිටපළාත් වල  නිතරම ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ ඔබේ රැකියාව නිසා විය හැකියි.රටට වැඩදායී පුද්ගලයෙක් බවට පත්වන වසරක්. සමාජ සේවයට හිතැති කාලයක්. බොහෝ සේ සමාජ සේවය සඳහා හිත  යොමු කරමින් කටයුතු සිදුකර කාලයක්. සතුරු පීඩා, කරදර ඇතිවෙන්න පුළුවන්. අලුතෙන් දේවල් කරන්න හිත පෙළඹෙන කාලයක්. අනාගතය වෙනුවෙන් මුදල් යොදවා වැඩ කරන්න සැලසුම් කරන කාලයක්. බැංකු, ඝනකාධිකාරී ,කළමනාකරුවන්, පරිගණක, ඉංජිනේරු ගුරුවරුන්, වෛද්‍ය යන ක්ෂේත්‍රවල වැඩ කරන වෘෂභ ලග්න හිමියන්ට  ඉතාම යහපත්.  

අන් අය නිසා නිතරම සිත් පෑරෙන ස්වභාවයක් තිබෙනවා. කලකිරීම් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉක්මනින් කේන්ති යන තත්ත්වය වෘෂභ ලග්න හිමියන්ට තිබෙනවා. අන් අය නිසා නිතරම සිත් පෑරෙනවා. ඒ තුළින් තමන්ගේ දියුණුවට බාධා ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ බාධක වලට බයවෙන්න එපා. ධෛර්යවන්ත වෙන්න ,උත්සාහවන්ත වෙන්න. අන් අයගේ උපකාර ලබන්න පුළුවන් කාලයක්. හදිසි තීරණ ගන්න එපා. 

මේ දෝෂ පිළිබඳව සඳහන් කරාට මෙය වසර පුරාම බලපවතින්නේ නැහැ. මෙම දෝෂ උස් පහත් වෙමින් බලපානවා. තමන්ගේ කේන්දරයේ දශාව පරීක්ෂා කරගන්න තමන්ගේ ජෝතිර් වේදියා ලවා. එය ඉතාම වැදගත්.

අනතුරු

අනතුරු බහුල කාලයක්. වාහන අනතුරු වෙන්න පුළුවන්.  වැටීම් වෙන්න පුළුවන්. ඒ වගේම හැම පැත්තකින්ම සිදුවෙන්න පුළුවන් අනතුරු පිළිබඳව පරීක්ෂාකාරියක කටයුතු කරන්න. අනතුරු පිළිබඳව තවත් විස්තර කරනවා නම් ගිනි විපත්,රෝහල් ගත වීමට සිදු වීම්, කල කෝලාහාල වලට මැදිවීම් ආදී දේවල් විය හැකියි. වාද විවාද වලට යන්න එපා. බැරෑරුම් රැකියාවල යෙදෙන පිරිස තවත් ප්‍රවේසම් වන්න. (ලංකාවේ අය විදේශගත වී බොහෝම බරපතළ ආකාරයේ බැරෑරුම් රැකියාවල යෙදෙනවා, ලොකු ලොකු මැෂින්ස් සමග වැඩ කරනවා. එවැනි අය ඉතා ප්‍රවේසම් වන්න) 

දරුවන්

වෘෂභ ලග්න හිමි කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න. ඔවුන් අතුරු ආන්තරා කර ගැනීම් සිදුවෙන්න පුළුවන්. ඉගෙනීමේ කටයුතු වලට යම් තරමක දුර්වල බවක් පෙන්නන්න පුළුවන්. සැබෑ දක්ෂතා එලියට එන්නේ නැති කාලයක් වෙන්න පුළුවන්.

ආදායම් තත්වය 

ආදායම් තත්ත්වය ඉහළට ගන්න පුලුවන්. විදෙස් ආදායම් ලබන්න පුළුවන් වසරක්.
තමන්ගේ දියුණුවට බාධක ඇතිවෙන්න පුළුවන්. යාන වාහන වලට වියදම් කරනවා. එය කළ යුතුම ද නැද්ද කියන එක දෙපාරක් හිතලා වැඩ කරන්න. දේපළ මිලදී ගැනීම් සඳහා වියදම් කරනවා. ඒ වගේම අධිකම විනෝදය සඳහා වියදම් කරනවා. මෙලෙස වියදම් කිරීම වැරදි පුද්ගලයන් ඇසුරට පත්වීම තුළින් සිදුවෙන්න පුළුවන්. ඒවා පාලනය කරගන්න.වෙනත් පුද්ගලයන් වෙනුවෙන් අධික වියදම් කිරීම පාලනය කරගන්න. නිකරුනේ වියදම් කිරීම පාලනය කරගන්න.

විවාහය

ප්‍රමාද වූ විවාහ කටයුතු මේ වසරේදී සිදුවෙනවා කියන බලාපොරොත්තුව දෙන්න පුළුවන්.

සෞඛ්‍ය තත්ත්වය

අර්ශස් රෝග, ධන හිස් රෝග, වන, දද ,කුෂ්ඨ,ඇස් රෝග , හිස් රෝග, හිස සම්බන්ධ සැත්කම් ආදී දේවල් හැදෙන්න පුලුවන් . ඒ පිළිබඳව කල්පනාකාරී වෙන්න. 

දෝෂ නිවාරණය කරගන්න ප්‍රතිකර්ම 

අලුයම් කාලයේ එනම් පාන්දර 4.30 ත් 5 අතර  අතර  කිරි ආහාර පාත්‍ර පූජා කිරම සිදු කරන්න. තමන්ගේ නිවස පිරිසිදුව තබා ගන්න. ගෙවල් පිරිසිදුව තිබීම තුළින්  ශ්‍රියා කාන්තාව නිවසට වඩිනවා. ශ්‍රියා කාන්තාව වඩින්න නම්  නිවෙස් වල සුවඳවත් සුගන්ධ වෙන්න ඕන. පිලීගඳ ,කුස්සිවල තියෙන්න බැහැ.රාත්‍රියට ආහාරපාන යනාදිය ආස්පස් කර කුණු දමන භාජන ඉවත් කර පිරිසිදු කර තබාගන්න. පිරිසිදු නිවෙස් වලට පමණයි දෙවියන්ගේ උනත් බැල්ම තිබෙන්නේ. නිවසේ ඉදිරිපස ලස්සනට තිබුනත් පිටුපස කුස්සිය  අපිරිසිදු නම් එයින් පිහිටක් ලැබෙන්නේ නැහැ.සමස්තයක් වශයෙන් මුළු නිවසම පිරිසිදුව තිබෙන්න ඕන. එම ඇවැතුම් පැවැතුම් ගෙවී ගිය කාල සීමාව තුළ ඔබ තුළ නොතිබුණා වෙන්න පුළුවන්. නමුත් 2026 ඒ දේවල් වලට ඉඩ නොතියා හරවත් පැත්තට යොමු වෙන්න. 
දුගී මගේ පිරිසට උදව් උපකාර කරන්න.සිල්වන්ත උදවියට දන් පූජා කරන්න(පොහොයට සිල් සමාදන් වූ පිරිසට දහනය පිළිගන්වන්න) . සංඝයා වහන්සේලාට දානය පිළිගන්වන්න. ඔබගේ කේන්දරය යනුව පත්තිනි පූජා යනාදිය සිදුකිරීමත් යහපත්.  සිවුරු පිරිකර පූජා කිරීම, ඖෂධ දන්දීම සිදු කරන්න. සතුන් නිදහස් කිරීම,සතුන්ට ජලය ලබාදීම  (නිවසේ කුරුල්ලන්ට ,ලේනන්ට, සතුන්ට වතුර පානය කරන්න තැනක් සකසා තබන්න) අතපය හානි වූ අයට උපකරණ ලබාදෙන්න(රෝද පුටු ,කිහිලිකරු). බෝ මළුව ඇමදින්න. සීවලී පිරිත, ජය පිරිත, සූරිය පිරිත සජ්ඣායනය කරන්න.
ඔබේ රෝග පීඩා වලට ඖෂධ වලින් ස්නානය කිරීමම යහපත්. එය තමන්ගේ කේන්දරයේ පරික්ෂා කර බලා තමාගේ ජෝතිර්වේදියා හමුවී අසා දැනගෙන සිදුකිරීම වැදගත්. ඉවසීමෙන් ප්‍රතිපත්තිගරුකව තමන්ගේ කටයුතු කරගෙන යන්න උත්සාහවන්ත වෙන්න. 

- හෙට මිථුන ලග්න හිමියන්ට- 

අදහස්‍ දැක්වීම - ප්‍රවීණ ජෝතීර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය 

සටහන - පියුමිකා වීරසූරිය