ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක්


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගය ඡන්ද 86,394 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 68,681ක් ලබාගනිමින් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයටද එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.