ශ්‍රී ලංකාවේ සත්ව සංගණනයක් සිදුවන්නේ කලාතුරකිනි. මෑතකාලයේ මාර්තු මස 15 වැනිදා මෙරට සත්ව සංගණනයක් සිදුවිය. එය සිදු කරනු ලැබුවේ උදෑසන 8.00 සිට 8.05 දක්වා කාලය තුළ විනාඩි 5ක් තුළ තම ගෙවත්තට පැමිණෙන සතුන් ගණනය කොට රජය ලබාදුන් පත්‍රිකාව සම්පූර්ණ කර ග්‍රාම සේවා නිලධාරියාට භාර දීමෙනි. ග්‍රාම සේවා නිලධාරී තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙතද අනතුරුව ප්‍රාදේශීය ලේකම්වරයා තම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ද සංඛ්‍යාව ලබා දීමෙන් පසු සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් එය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදිය යුතුය.
ඒ අනුව සංගණනය සම්පූර්ණ බවද නිවැරැදි බවද රජය උපකල්පනය කරයි. එහෙත් සිදුවූයේ කුමක් ද යන්න රජයට අවබෝධයක් නැත. නිවැරැදි කිරීමට වුවමනාවක් ද නැත. දින 3කින් ලබාදෙනවා කියූ ප්‍රතිඵලය පසුව සතියකින් නිකුත් කරනවා යැයි පැවසීය. එහෙත් දිවයිනේ ප්‍රතිඵලය ලැබුණා නම් නිවැරැදිව දින තුනකින් එය ප්‍රකාශ කළ යුතුව තිබුණි. එහෙත් ප්‍රතිඵල ලබාදීමට මාස 3ක් ගතවිය. එසේ නම් කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රතිඵලයට මොකද කළේ? මෙතරම් ප්‍රමාදයක් වූයේ ඇයි? මෙය උපකල්පයක් මත සකස්‍් කරන ලද සංගණනයක් විය හැකිය.
ප්‍රමාදය සැකයට තුඩු දෙන්නකි. එසේම කෘෂිකර්මාන්ත අමාත්‍යංශය භාර කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයක් හොර ගුහාවක් බවය. එසේ ඔහු ප්‍රකාශ කළේ ඔහුගේ අත්දැකීම ඇත්තේ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය පිළිබඳවය. එසේ නම් මෙම දත්ත හොර ගුහාවක දත්තද මේවා පිළිගත හැකිද? යන්න ජනතාවට පැන නගින ගැටලුවකි. ඇමතිවරයා ප්‍රසිද්ධියේ එවැනි ප්‍රකාශයක් කිරීම අසත්‍යයක් ද විය නොහැක.
මේ පිළිබඳ ලක්ෂ 14ක් වූ රාජ්‍ය සේවකයන් මුනිවත රැක්කේ ඔවුන් හොරුන් කණ්ඩායමක් හෝ වංචාකරුවන් විය යුතුය. අමාත්‍යංශ ලේකම්වරුන්ද, දිස්ත්‍රික් ලේකම්වරුන්ද දීප ව්‍යාප්ත සේවා බල නිලධාරීන් වෘත්තිකයන්ද සියල්ල එයට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළේ ඔවුන්ට ඒ ගණයට වැටෙන නිසාද? නිලධාරීන්ට කොන්දක් නැති නිසාද යන්න ප්‍රහේළිකාවකි. එසේම කුමන හෝ වංචාවක නිරත වන බව තහවුරු වේ.
මෙම සංගණනය කිසිසේත් ලෝකයේ පිළිගත් සම්මත ක්‍රමයකට සිදු නොවීය. මෙවැනි සංගණනයක් සිදුකරන විට පළමුව සතුන්ගේ චර්යාව අධ්‍යයනය කළ යුතුය. අනතුරුව ඒ සඳහා නිලධාරීන් පුහුණු කළ යුතුය. සම්මත කාල රාමුවක් ලබාදිය යුතුය. මෙවැනි සංගණනයක් එක් දිනකින් කළ හැකි දෙයක් නොවේ. මෙහි කාර්යභාරය හා වගකීම පැවැරුණේ මහජනතාවට සහ ග්‍රාම නිලධාරීන්ටය. සාමාන්‍යයෙන් මහජනතාව එයට උනන්දුවක් දැක්වූයේ නැත.
ඔවුන් අදාළ පත්‍රිකාවට මොනයම් හෝ සංඛ්‍යාවක් එකතු කර ලබාදීමට දක්ෂය. රජයේ සංඛ්‍යා ලේඛන නිවැරැදි නොවන්නේ මෙවැනි ක්‍රියා නිසාය. විධිමත් සංගණනයකට පුහුණු නිලධාරීන් අවශ්‍ය වේ. තවද සංගණනය සිදු වූ දින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරීන් මේ සඳහා උනන්දු නොවූ බවත් ඒ බව පොලොන්නරු දිස්ත්‍රික්ක ලේකම්වරයාට මෙය පැමිණිලි කරන බවත්ය. එසේම පත්‍රිකා තැන තැන විසිකර දමා තිබෙනවා. මා සියැසින් දුටු අතර මා විසින්ද කරන ලද නිරීක්ෂණයක දී ග්‍රාම නිලධාරීන් නිවැරැදි ලෙස පත්‍රිකා බෙදාහැරියේ නැත.
ඔවුන් තොග පිටින් යම් යම් පුද්ගලයන්ට භාරදුන් අතර, එම පුද්ගලයන් ඒවා බෙදුවේ නැත. විශේෂයෙන් කාන්තා ග්‍රාමසේවා නිලධාරින් මෙය නිවැරැදිව ඉටු කළේ නැත. පත්‍රිකා තොරතුරු නොලැබීමෙන් සමීක්ෂණය සාම්පලයක් නිවැරැදි නොවේ. බලාපොරොත්තු තරම් සාම්පලය නිවැරැදිව ලබාගත නොහැකිවීමෙන් අවසාන ප්‍රතිඵලය නිවැරැදි නොවේ. එසේම ප්‍රතිඵලය නිකුත් කිරීමේ දී නිලධාරියකු ප්‍රකාශ කළේ පත්‍රිකා නිවෙස්වල තිබෙන්න පුළුවන් බවය.
එහෙත් මෙම දත්ත නිවැරැදි බවය. ඔහුට එවැන්නක් ප්‍රකාශ කළ නොහැක. හේතුව ඔහු මෙම දත්ත නිවැරැදි බව ඔහුගේ මතයයි. එහෙත් රටේ සමස්ත ප්‍රතිඵලය එය නොවේ. මෙයින් ප්‍රකාශ වන්නේ මේ සඳහා පත් කරන ලද කමිටුව විසින්ම ප්‍රසිද්ධියේ මෙම දත්ත නිවැරැදි නොවන බවට පිළිගැනීමයි.
තවද ගෙවත්තට පැමිණෙන රිළවා, වඳුරා, දඬුලේනා, මොනරා ගණන් ගැනීමෙන් සමස්‍ත ප්‍රතිඵලය නිවැරැදිද? එවිට කැලෑවල සිටින සතුන් ගණන් කළේ කවුද? සමස්ත ප්‍රතිඵලය මෙයයි කියා රටේ ජනතාව රවටන්නේ ඇයිද යන්න සැකයක් ඇති වේ.
මෙරට තිබෙන වන ගහනය තුළ සිටින මෙම සතුන් කොපමණ ඉන්නවාද යන්න කවුරුත් දන්නේ නැත. මෙය ජනතාව රැවටීමකි. කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම විහිළු සපයන අමාත්‍යංශයක් බවට පත්ව තිබේ. මෙයද තවත් එක විහිළුවකි. මෙම දත්ත කිසිසේත්ම පිළිගත නොහැක. එයට හේතුව විද්‍යාත්මක පදනමකින් මුළු රටම ආවරණය වන පරිදි සත්ව සංගණනය සිදු නොවූ හෙයිනි.
පසුගියදා ප්‍රකාශයට පත් වූ ආකාරයට සමස්ත ප්‍රතිඵලය වන්නේ රිළවුන් මිලියන 5.17ක් වඳුරන් මිලියන 1.74, මොනරුන් මිලියන 4.24ක් සහ දඬුලේනුන් මිලියන 2.66කි. බැලූ බැල්මට මෙවැනි සත්ව ගණනයක් රටේ සිටිනවාද යන්න සැක සිතේ. එයට හේතුව දිවයින පුරා ගමන් කරන පුද්ගලයකුට දල වශයෙන් මෙවැනි සත්ව ජනගහනයක් සිටිනවා ද යන්න නිරීක්ෂණය නොවන නිසා ය. බැලූ බැල්‍මට එවැනි සත්ව ගහනයක් නිරීක්ෂණය නොවේ.
මෙම ප්‍රතිඵලය දේශපාලනීකරණය වූවාදැයි සැක සිතේ. තම පාක්ෂිකයන් පමණක් අදාළ පත්‍රිකාව සත්‍ය හෝ අසත්‍ය ලෙස සම්පූර්ණ කර ලබාදීමෙන් මෙම සංගණනය සම්පූර්ණ කළාද යන තරමට සැක උපදී. එයට හේතුව අධික රිලා ගහනයක් සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ප්‍රකාශවීමෙනි. බොහෝ දුරට නාගරීකරණය වී ඇති මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වන ගහනය ද ඉතා අඩු ප්‍රතිශතයක පවතී.
ඒ අනුව ලක්ෂ 6 කට වැඩි රිළා ගහනයක් මෙම දිස්ත්‍රික්කයේ ඇතැයි පැවැසීම ඇමැතිවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයට ලකුණු දමා ගැනීමට ඔය කියනු ලබන දූෂිත නිලධාරීන් කළ ක්‍රියාවක්දැයි ජනතාව ප්‍රශ්න කරයි. එසේම කමිටුව ප්‍රකාශ කරන පරිදි මහනුවර නගරයේ ගම්පොළ, නාවලපිටිය නගර ආශ්‍රයෙන් කසළ ගොඩ ගැසීමක් සිදුවන නමුත් විශාල කසළ ප්‍රමාණයක් දිස්ත්‍රික්කය පුරා නැත. එසේම සුළු අපනයන බෝග ඇති නමුත් පලතුරු දිස්ත්‍රික්කය පුරා නැත. රිළවුන්ට හිතකර කිසිවක් මේ දිස්ත්‍රික්කය තුළ විශේෂිතව නැත. පසුගිය කාලයක ඉංග්‍රීසි ජාතිකයකු පොලොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රයෙන් වසර 3ක් තිස්සේ පරීක්ෂණයක් සිදු කළේ රිළවුන් පිළිබඳවය.
වසර 3 ක් තුළ කරන ලද සමීක්ෂණයේ දී ඔහු ප්‍රකාශ කළේ රිළවුන් දිස්ත්‍රික්කය තුළ ලක්ෂ 3 ක් සිටින බවය. තවද දමිළ ජාතික පරිසරවේදියකුගේ සමීක්ෂණයට අනුව මෙරට රිළා ගහනය මිලියන 3.3කි. මේ පර්‌යේෂණ හෝ සමීක්ෂණ පිළිබඳ අත්දැකීමෙන් හෝ දැනුමක් දැන් සිටින නිලධාරීන්ට නොමැත. එම පර්‌යේෂණ හා සමීක්ෂණ අත්දැකීම් සොයා බලා ලෝකයේ අනෙකුත් රටවල කරන ආකාරයෙන් මෙම සමීක්ෂණය නැවත කළ යුතුය.
ඉන්දියාව විද්‍යාත්මක පදනමකට කළ සමීක්ෂණයට අනුව එරට රිළා ගහනය මිලියන 50 කි. ඔවුන් වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය යොදා සංගණනයක් කිරීමට සැලසුම් කරයි. එපමණක් නොව රිළා ගහනය පාලනය කිරීමට ද නව ක්‍රම සොයා බලමින් සිටී. අප රට සිටින්නේ කොතැන ද? අපේ රටේ නිලධාරීන්ට මේවා පිළිබඳ උනන්දුවක් හෝ වුවමනාවක් නැත.
මොනවා හෝ සංඛ්‍යා ලේඛනයක් ඉදිරිපත් කොට ප්‍රතිඵලයක් නිදහස් කරයි. ශ්‍රී ලංකාවේ බොහෝ දත්ත නිවැරැදි නොවේ. ඒ අනුව සැලසුම් අසාර්ථකය. මෙරට වන්නේ ද එපමණය. රිළවුන් පාලනයට සංඛ්‍යා ලේඛනයෙන් දත්ත අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ නිවැරැදි ක්‍රමවේදයක් පමණි. දේශපාලන අධිකාරියේ වුවමනාවන්ට සරිලන පරිදි මෙවැනි සංගණනය සිදුකර රටක් හෑල්ලුවට ලක් නොකළ යුතුය.
වැරැදි දත්ත ජනගත නොකළ යුතුය. ඇමැතිවරයාට නිලධාරීන් හොරුන් කියන්නේ ඒ නිසා බව නිලධාරින්ද මතක තබාගත යුතුය. ඒ අනුව මෙයට විසඳුමක් ලෙස රජය ප්‍රකාශයට පත්කළේ රන්දෙණිගල ප්‍රදේශයේ දූපතකට රිළව් ගාල් කරන බව සහ කිලෝමීටර 80ක් දුරකින් පිහිටි මහනුවර සිට දිනපතා වාහන කිහිපයකින් ආහාර ඔවුන්ට ගෙනවිත් ලබාදෙන බවත් එය ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දෙන බවත්ය. ලක්ෂ ගණනක් රිළවුන් දූපතකට ගාල් කළ විට ඔවුන්ගේ ජනගහන පීඩනයක් ඇති වේ.
එවිට ඔවුන් මියයාමට ඉඩ ඇත. ආහාර හිඟ වේ. රිළවා බුද්ධිමත් සතෙකි. ඔවුන් ද කායිකව, මානසිකව වෙහෙසට පත්ව මිය යා හැක. මෙය රිළව් නොමරා මරන සත්ව සංහාරයකි. ඒ සඳහා මම පෞද්ගලිකව විරෝධය ප්‍රකාශ කළෙමි. එසේම ජීවිත කාලයට මහනුවර සිට වාහන කිහිපයකින් ආහාර ද්‍රව්‍යය රැගෙන යාම මොනතරම් වියදමක් යන කාර්යයක්ද යන්න ඔබටම තේරේවි. මෙය හුදෙක් ගැටලුවට විසඳුම නොවන අතර විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නොහැකිව ප්‍රකාශ කරනු ලබන තකතීරු අදහස්ය.
කෙසේ වෙතත් මේ වන තෙක් එකදු රිළවකු කැලයකට ගෙන ගොස් දමා රිළා ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අපොහොසත් වී තිබේ. පසුගියදා මේ සම්බන්ධව පත් කළ කමිටුව ප්‍රකාශ කළේ රිළා ගැටලුවට විසඳීමට කසළ කළමනාකරණය කිරීම, භෝග ආරක්ෂණ කමිටු පිහිටුවීම සහ වන්ද්‍යකරණයයි. මේ කිසිවකින් රිළා ගැටලුවට විසඳිය නොහැක.
වන්ද්‍යකරණය පහසුවෙන් කළ නොහැක. ඒ සඳහා පුහුණු නිලධාරීන් නොමැත. විශ්වවිද්‍යාලවලට ද එතරම් කාර්ය මණ්ඩලයක් නැත. එය ඉටුකළ නොහැක. කසළ කළමනාකරණයට ප්‍රාදේශීය සභා උනන්දු නැත. දැනටමත් ඔවුන් කරන කසළ කළමනාකරණය ප්‍රමාණවත් අතර එයින් රිළා ගැටලුව විසඳිය නොහැක. භෝග ආරක්ෂණ කමිටුවකින් කළ හැක්කක් නොමැත.
ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලිය නිර්දේශ සියල්ල කළ නොහැකි ජනතාව පිට බර පටවා රජය මග හරින ක්‍රියාවලියකි. ජනතාව රිළා ගැටලුව විසඳාගත යුතුය. එසේ නම් රජයක් පත් කර ගන්නේ කුමකටද? මේ අනුව පෙනී යන්නේ මෙය ප්‍රෝඩාවක් බවය. සත්‍ය වශයෙන්ම රිළා නාඩගමක් බවය. කිසිදු සැලසුමක් හෝ ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයට ශක්තියක් නැති බව අවසන් වශයෙන් ප්‍රකාශ කරමි.
(*** සුධාරිකා ගුරුසිංහ)