මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් සිව් වසරක් ඉක්ම ගිය තැන ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළේය. ධජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග වදින මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ නාගරික ජනතාවගේ ඡන්ද කාටද? නාගරික ජනතාවට ඇති ගැටළු මොනවාද? මේ ඒ ගැන කෛරන සොයා බැලීමකි.
කොළඹ යනු එදා සිටම එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද හිමිවන දිස්ත‍්‍රික්කයකි. පැල්පත් වාසීන්, මුඩුක්කු වාසීන් වැඩි වශයෙන් සිටි කොළඹ පසුගිය කාලයේ මහල් නිවාස ඉදි කැරිණි. මංමාවත් නවීකරණය කැරිණි. නව වෙළෙඳ සංකීර්ණ ඉදි කැරිණි. කොළඹ ජනතාවට එය දැනී ඇත්තේ කෙසේ දැයි දෙතුන් දෙනකුගේ අදහස් විමසීමේ දී දැන ගත හැකිය.
කොළඹ විශ‍්‍රාමික ගුරුවරයකු වන ආනන්ද -
”මම ළඟදි විශ‍්‍රාම ගියේ. අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ තමයි ලැබුණු වැටුපෙන් සියයට 80ක් විතර තමයි විශ‍්‍රාම වැටුප් දෙන්නේ. අර වියදම් මේ වියදම් කියලා පඩියට එල්ලලා තිබුණු ඒවා මොනවත් හම්බවෙන්නෙත් නෑ. මං විශ‍්‍රාම යනකොට මගේ වැටුප රුපියල් 33000ක් කියමුකෝ. ඒකෙන් 24000කට වගේ තමයි ගණන් හැදෙන්නේ.
අපි විශ‍්‍රාම ගියා කියලා කාලා ඇඳලා ඉන්න එකේ වෙනසක් වෙන්නේ නැහැනේ. සාමාන්‍ය ගුරුවරයෙක් පාං ගෙඩියක් ගන්න ගානටම තමයි විශ‍්‍රාම ගිය අපිටත් ගන්න වෙන්නේ. මේවගේ ලොකු ගාණකින් වැටුප අඩු වෙද්දි අපි කොහොමද ජීවත් වෙන්නේ.? අනික අපට දැන් අග‍්‍රහාර නෑ. විශ‍්‍රාම යන ගුරුවරුන්ට එක එක ලෙඩ තියනවා. මේවට අතින් සල්ලි වියදම් කරලා තමයි බේත් ගන්න වෙන්නේ.
රුපියල් 33000 වැටුප දහදාහකින් විතර අඩු වුණාම කොහොමද ඒක දරා ගන්නේ. විශ‍්‍රාම යනකොට දෙන අවුරුදු දෙකේ දීමනාව ස්ථිර තැන්පතු දානව කියා සමහරු කියනවා. ඒක ගත්ත ගමන් වැඩි දෙනෙක් කරන්නෙ ස්ථිර තැන්පතු දාන එක නෙමේ. රට වටේටම තියන ණය බේරන එකයි. අය වැයෙන් කිව්වා විශ‍්‍රාමිකයන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තැන්පතු පොලී වැඩි කරනවා කියලා. මං බැංකුවට කතා කළා දින දෙක තුනකට කලින්. බැංකුවෙන් එහෙම එකක් දන්නෙත් නෑ.
බැංකු සේවකයකු වන කේසර මහතා:
”මේ නගර ආශ‍්‍රිතව සීයට 80ක්ම ඉන්නේ තමන්ගේ ශ‍්‍රමය විකුණලා වැටුප් ගන්න අය. ගොවිතැන් කරන අය මෙහේ නෑ. වැටුපෙන් තමයි හැම අවශ්‍යතාවක්ම සම්පූර්ණ කර ගන්නේ. රාජ්‍ය ආයතනවලින්ම කියනවා නාගරිකව ජීවත්වෙන හතර දෙනකුගේ පවුලකට මාසෙකට ජීවත් වෙන්න රුපියල් 51000ක් යනවා කියලා. කවුද එච්චර වැටුපක් ගන්නේ? මේ අය වැයේ දි කිව්වා රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපිල් 15000ක් කරනවා කියලා. පුද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම් ඉල්ලූව් අවම වැටුප 10,000යි. උපරිම වැටුපේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒත් අවම වැටුපේ වෙනසක් තියෙන්න පුළුවන් ද? රජයේ සේවකයා බඩු ගන්න මිලටම තමයි පෞද්ගලික අංශයේ සේවකයනුත් ගන්නේ.
සාමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ වැටුප 20,000 - 30,000ත් අතර. පෞද්ගලික සේවකයකුගේ වැටුප 15,000-25,000 අතර. මේ මුදලින් කොහොමද ජීවත් වෙන්නේ. අද වියදම් කොච්චර වැඩිද? මේ ජනාධිපතිවරණය ළං වෙලා තමයි මෙහෙමවත් දීමනා දෙන්න මතක් වුණේ. අවුරුදු නවයක් තිස්සේ මොනවත් නෑ.
නවීන් තිලකසිරි මහතා -
”කොළඹ ලස්සන වෙලා. වෙනදා මෙහෙම නැහැනේ. අපිට කොළඹ කියන්නත් ආසයි. පාරවල් ඔක්කොම හදලා. කොළඹ හදපු නැති පාරක් නෑ. හරියට දැන් කොළඹ වෙනත් රටක් වගේ. අපිට පඩි වැඩි කළා. දැන් අතේ සල්ලි තියෙනවා. කියන්න තරම් ගැටළුවක් අපට නම් නෑ. ලබන අටවැනි දා බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.
සමරවීර මහතා - (කොළඹ රැුකියාව කරයි. පදිංචිය ගම්පහ)
කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැනේ ඕනෑ තැන් හරියට නැතිව. පොඩි වැස්සක් වැස්සත් කොළඹම යට වෙනවා. මෙහෙම සංවර්ධනයක් මොකටද? අනිත් එක සංවර්ධනය කරන්න කලින් මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න ඕනෑ. කවුරු ආවත් අපට වැඩක් නෑ. හැමෝම එකම දේ තමයි කරන්නේ.
මේ නගරාශ‍්‍රිත පුද්ගලයන්ගේ අදහස්ය.
වර්තමානයේ ලෝකයේ කතා කරන්නේ සංවර්ධනය නොව තිරසාර සංවර්ධනයයි. එවැනි සංවර්ධනයක් වී නම් කොළඹ ජලයෙන් යට විය හැකිද? නගරවාසීන්ගේ චෝදනාවේ සත්‍යයක් ඇත. පැයක දෙකක වැස්සෙන් දණක් පමණ යට වෙන්නට කොළඹ පාරවල් රැුසක ජලය පිරේ. නිතර එහා මෙයා යන කොළඹ වැසියන්ට මෙන්ම විවිධ රාජකාරි සඳහා කොළඹ එන්නන්ටද එය හොඳින් දැනේ.
පිටකොටුවේ පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්නන්ගේ කඩ රැුසක් පොලිස් ආරක්ෂාව මාධ්‍යයේ මීට කලකට පෙර ඉවත් කළේය. ඒ ඔවුනට කඩ ලබා දෙන බව කියමිනි. ඔවුනට ලබාදීමට ස්වයං රැුකියා වෙළෙඳ සංකීර්ණ හතරක් ඉදිකළ අතර එක් සංකීර්ණයක් ඉදිකර වසර හතරක් තිස්සේ වසා දමාඇත. එය තවම එම වෙළෙඳුන්නට ලබා දී නැත.
ලබාදුන් සංකීර්ණවල කඩ බෙදා දුන්නේ විනිවිදභාවයකින් තොරව යැයි චෝදනා රැුසකි. සමහරු නඩු මගට බැස සිටිති. කොළඹ නාගරික ජනතාවගේ ඡුන්දය ගැනීමට නම් එලෙස කොළේ වසා ගසා හරි යන්නේ නැත. ජනතාව කියනා ආකාරයට සිදුව ඇත්තේ එවැනි කොළේ වසා ගැසීමකි. වෙළෙඳ සල් බෙදා දීමේ දී සිදුවූ අඩු පාඩු ගැන දිගින් දිගටම මාධ්‍ය පෙන්වද්දී ඒ වෙනුවෙන් පියවරක් ගෙන තිබුණේ නැත.
එමෙන්ම වෙළෙඳසල් හිමිකරුවන්ගෙන් කප්පම් ගැනීමේ සංස්කෘතියට ද තිතක් තබා නැත. සංවර්ධනයේ නියම අර්ථයෙන් ජනතාවට සෙතක් ලැබෙන්නේ නම් මේ ගැටලූවිසඳී තිබිය යුතුය. එදා වේල සරිකර ගන්නට අර අදිනා මේ පිරිසේ ප‍්‍රශ්න නොවිසඳා ඔවුන්ගේ මනාපය ලබා ගැනීමට සිතීම විහිළුවකි.
පෙර සඳහන් කළ පරිදි කොළඹ නිවාස රැුසක් ඉවත් කරනු ලැබීය. ඒ ඔවුනට නිවාස දෙන බව කියමිනි. පිරිසකට නිවාස හිමි වෙද්දී තවත් පිරිසකට එලෙස නිවාස හිමිවූයේ නැත. ඒ අතරම නව නිවාස සංකීර්ණ කිහිපයක්ම ඉකුත් කාලයේ අලූතෙන් ඉදිකර ජනතා අයිතියට පත් කරණ ලදී. එම නිවාස නගරයට සුන්දරත්වයක් ඇති කර තිබෙනු අපි දුටුවෙමු. සමහර තැන්වල පැල්පත් යායක් ලෙස තිබූ පරිසරය වෙනස් කර අලූත් තට්ටු නිවාස තනාදී ඇති අයුරු දැකගත හැකිය. කවුරු කොහොම කීවත් ඒ ජනතාව සතුටින් සිටින බවට නම් සැකයක් නැත. එලෙසම නගරයේ අපිරිසිදු ස්ථාන බොහොමයක් නවීකරණය කර තිබේ. දුර්ගන්ධය දැන් නැත. නවීකරණයෙන් ආ මේ බාහිර ඔපය නාගරික ජනතාවගේ ඡුන්ද බවට පත්වුණා ද නැද්ද යන්න දැකගත හැකි වන්නේ ජනපතිවරණ ප‍්‍රතිඵල නිකුත්වූ පසුවය. නාගරික ජනතාවගේ සුවපහසුවට ව්‍යායාම මංපෙත්ද ඉදිකර තිබේ. මේවායේ ඇවිදින අය ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන්න 8 වැනිදා බලාගත හැකිවනු ඇත.
මිනිසුන්ට බලාපොරොත්තු වන දෑ බොහොමයක් තවමත් ලැබී නැත. අය වැයෙන් විවිධ දෑ වැඩි කළත් වැඩි දෙනකුගේ මතය ඒවා වැඩි කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවයි. මැතිවරණයක් ළංවෙද්දී බඩු මිල අඩු කර මැතිවරණයෙන් පසු නැවත බඩු මිල වැඩි කරනා ආකාරය බොහෝ දෙනකුට අරුමයක් නොවේ. මෙවරද වැඩි දෙනකුට ඇති ගැටළුව අවුදුරු ගණනාවකින් නොදුන් සහන මෙවර ලබාදී ජනපතිවරණය ජයග‍්‍රහණයෙන් පසු ඒවා වැඩි කරන බවයි. සංවර්ධනය ගැන ද එසේමය. කිසිම සංවර්ධන ව්‍යාපෘතියක වැය වූ මුදල් වෙන් වශයෙන් තවම ප‍්‍රසිද්ධ වී නැති වීමත් වැඩි දෙනකුට ගැටළුවකි. මෙවැනි මිනිසුන්ට දැනෙන ප‍්‍රශ්නවලට පිළිතුරු කුමන අපේක්ෂකයකුගෙන් ලැබේදෝයි ඔවුහු විමසිලිමත්ව සිටිති.



