එල්ලූම්ගහ කි‍්‍රයාත්මක වෙච්ච කාලේ එල්ලූම් ගහට නියම වුණ මනුස්සයා බයටම උසාවිය ඇතුළේ සිහිය නැතිව ඇදගෙන වැටෙනවා. ඒත් අද මරණ දඬුවම ලැබුණු කෙනා කටපුරා හිනාවෙවී උසාවියෙන් එළියට යනවා. වටේ ඉන්න කට්ටියට සැලියුට් පවා කරමින් බන්ධනාගාර බස් එකට නගිනවා. මොකද මිනිහා දන්නවා එල්ලා මරන්නේ නැති බව. ඕක තමා එදා සහ අද අතර තියෙන වෙනස. ඒ කාලයේ රටේ හිටිය දරුණු මිනීමරුවො පවා එල්ලූම්ගහ ළඟට අරගෙන ගියේ උස්සාගෙන. කොච්චර දරුණු අපරාධකාරයෙක් වුණත් මරණයට බයයි.
මේ කතාව මේ විදිහට කිව්වේ වසර 36 ක පමණ කාලයක රාජකාරි අත්දැකීම් ඇති විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වූ ඩබ්ලිව්.ඒ.ඞී. විජේදාස මහතාය.
විජේදාස මහතා මෙවර ඔබට කියන්නට යන්නේ එල්ලූම්ගහට යන මිනිස්සු ගැන ඔහුගේ මතකයේ රැුඳුණු කතාය. රාජකාරි ජීවිතය තුළ මිනීමරුවන් හය දෙනෙක් එල්ලා මරණ හැටි විජේදාස මහතා සියැසින් දැක ඇත. එල්ලූම්ගහට ගිය පළමු තැනැත්තා ලෙස ඉතිහාස ගතවී ඇත්තේ ඉංගිරියේ කළුඅප්පු නැමැති අයෙකි.

එවකට පැවැති ඉංගී‍්‍රසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීමේ චෝදනාව යටතේ රාජ්‍ය ද්‍රෝහියකු ලෙස සලකා ඉංගිරියේ කළුඅප්පු එල්ලා මරා දමා ඇත්තේ 1812 වසරේ පෙබරවාරි මස 10 වැනිදාය. එල්ලූම්ගහට ගිය පළමු බෞද්ධ භික්ෂුව ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ කහවත්ත උන්නාන්සේය.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කැරැුල්ලට නායකත්වය ලබාදුන් බව කියමින් රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා මාතලේ ප‍්‍රදේශයේදී එල්ලා මරා ඇත්තේ 1823 වසරේදීය. එල්ලූම්ගහට නියම වී ඇති පළමු පොලිස් නිලධාරියා වන්නේ සන්සෝනි පෙරේරා නැමැති අයෙකි.
ආටිගල මිනීමැරුම් නඩු විභාගය අවසානයේදී සන්සෝනි පෙරේරා නැමැති මෙම පොලිස් නිලධාරියාට මරණ දඬුවම නියමවී අවසානයේ එල්ලූම් ගහට ගොස් ඇත. අවසන්වරට එල්ලූම් ගහට ගොස් ඇත්තේ තිස්සමහාරාමයේ චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවාය. ඒ 1975 වසරේ නොවැම්බර් මස 12 වැනිදාය.
එල්ලූම්ගහ මෙරට වරින් වර කි‍්‍රයාත්මක වූ අවුරුදු 101 ක පමණ කාලය තුළ පුද්ගලයන් 481 දෙනෙකු එල්ලා මරා දමා ඇත. නඩු විභාගය අවසානයේ අධිකරණ ශාලාවේ විදුලි පහන් සියල්ල නිමා දැමීමෙන් පසු මරණ දඬුවම ලබා දීමට තීන්දුව ප‍්‍රකාශයට පත්කර මරණ දඬුවම නියම කළ වගන්තිය ලිවීමට යොදාගත් පෑන කඩා දැමීම මහාධිකරණ විනිසුරුවරයා හෝ විනිසුරුවරිය විසින් සිදුකරනු ලබයි.
එල්ලා මරා දමන්නේ ජනාධිපතිවරයා නියම කරන ලද දිනයකදීය.
උසාවියෙන් මරණ දඬුුවම ලැබුණු කෙනා බන්ධනාගාරයට ගෙනාවම ඔහු බාර ගන්න ජේලර් මහත්වරුන් දෙන්නෙක් ඉන්නවා. බන්ධනාගාර කාර්යාලයට අරන් ගිහින් ලියාපදිංචි කරනවා. ඔහුගේ සියලූම විස්තර ලියාගන්නවා. සිරුරේ විශේෂ ලක්ෂණ එහෙම තියෙනවා නම් ඒවාත් සටහන් කර ගන්නවා. මරණ දඬුවම නියම කරපු කෙනාට අයිති බඩුමුට්ටු වන පිඟාන කෝප්පය ලබාදෙනවා. මරණ දඬුවම නියමවූ තැනැත්තෙකුට හිමි විශේෂිත ඇඳුම ඇඳ ගැනීමට ලබාදී ඔහු කන්ඩම් ෂෙල් එකට දමා එතැන් සිට විශේෂ ආරක්ෂාවක් සපයනවා යැයි විජේදාස මහතා පවසයි.
තවදුරටත් තොරතුරු හෙළි කරමින් විජේදාස මහතා මෙසේද පවසයි.
මරණ දඬුවම නියම කරලා කන්ඩම් ෂෙල්වල දමා ඉන්න අය හැමදාම උදේ 6.15 පමණ වෙද්දී එළියට අරගන්නවා. ඒ මුහුණ කට සෝදා පිරිසිදු වෙන්න. එක කෙනෙකුගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙක් යොදවනවා. කෑම, ෂෙල් එක, ඇතුළේදීම දෙනවා. උදේ 10.00 ට විතර ව්‍යායාම කරන්න කන්ඩම් ෂෙල් එකෙන් එළියට ගන්නවා. ව්‍යායාම කරන විනාඩි 20ක විතර කාලයක් ලබා දෙනවා. දහවල් කෑමෙන් පස්සේ හවස 2.00 ට විතර ආයෙත් ව්‍යායාම් කරන්න හවස 4.30 ට විතර එළියට අරගන්නවා. ඊට පස්සේ ආයෙත් පහුවැනිදා උදේ 6.15 වෙනකම් කන්ඩම් ෂෙල් එකෙන් එළියට ගන්නේ නැහැ.
මෙන්න මේ විදිහට තමා මරණ දඬුවම ලැබුණු කෙනෙක් එල්ලූම් ගහට යනකම්ම ගත කරන්නේ. මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්වුණොත් විතරයි කන්ඩම් ෂෙල්වලින් යමෙක් එළියට අරගෙන සාමාන්‍ය සිර මැදිරිවල රඳවා තබන්නේ. ඊට පස්සේ ඔවුන්ටත් එක එක පාටිවලට යොමු කරනවා.
මරණ දඬුවම ලබාදෙන දිනය ප‍්‍රකාශයට පත් කරන්නේ ඊට දින 10 කට පෙරයි. එල්ලන දිනය නියම කළාට පස්සේ ඔහුගේ බිරියට දරුවන්ට මව්පියන්ට හෝ ඥාතීන්ට බලන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. බන්ධනාගාර අධිකාරිවරයාගෙන් අවසර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් දැක්විය යුතුයි. එහෙම විශේෂ අවසරයක් නැතුව එල්ලා මරණ දවස නියම කළාම බලන්න ඉඩ දෙන්නේ නැහැ.
මරණ දඬුවම ලබාදෙන දිනය නියම කළ දවසේ බන්ධනාගාර තුළ සිදුවන තවත් විශේෂ කි‍්‍රයාමාර්ගයක් ඇත.
එල්ලූම් ගහට යන දවස දැනුම් දුන්නාට පස්සේ ඒ ගැන බන්ධනාගාර නිලධාරිනියෙක් ඒ බව මරණ දඬුවම ලබා සිටින පුද්ගලයාට දැනුම් දෙනවා. මේක අහලා ඔහු වෙව්ලන්න පටන්ගන්නවා. මුළු ඇඟම සුදුමැලි වෙලා යනවා. හරියට කහ උණ හැදිච්ච රෝගියෙක් වාගේ මුළු ඇඟම සුදුමැලි වෙලා. ඒ වගේ අයගේ ඇස් පනාපිට ඇඟිල්ලක් මෑත් කරලා බැලුවාට ඇස්දෙකෙත් ලේ නැහැ. ඒ වෙන මොකවත් නිසා නෙමේ බය නිසා.
ඊට පස්සේ මරණ දඬුවම නියම කරපු කෙනා ගබඩා කාමරයට අරන් යනවා. ගබඩාකාමරයට ගෙනි යන්නෙත් බොහොම අමාරුවෙන්. ගබඩාකාමරයට අරන් ගිහින් ඒකේ තියන තරාදියෙන් බර කිරනවා. උස මනිනවා. උස හා බර සටහන් කර ගන්නවා.මට තවත් දෙයක් මෙහිදී කියන්න ඕනෑ. කෙනෙක් එල්ලා මරණ දින නියම කළාට පස්සේ එල්ලා මරන්න ඉන්න අයත් බයේ වෙවුලනවා. ඒ ගොල්ලන්ගේ ඇඟවල් පවා සුදුමැලි වෙනවා. ඇසුත් සුදුමැලි වෙනවා. මරන්න ඉන්න අයවත් මම නිකමට වගේ පරික්ෂාකර බලා තිබෙනවා.
දවසින් දවස ෂෙල් මාරු කරමින් එල්ලා මැරීමට පෙර දිනයේ එල්ලූම් ගහ අවසානයේ ඇති ෂෙල් එකට මරණ දඬුවම නියම කර සිටින පුද්ගලයා ගෙන එනු ලබනවා.
එල්ලූම් ගහේ කි‍්‍රයාකාරීත්වය සිදුවන්නේ ලෑලි දෙකක් මත සවිකර ඇති ලීටරයක් මගිනි.
ලීටරය නිසි පරිදි කි‍්‍රයාත්මක වෙන්නේද කියා සොයා බැලිය යුතුව ඇත. ඒ නිසා පෙර දිනයේ එල්ලා මැරීමට නියමිත පුද්ගලයාගේ බරට සමාන බරකින් යුතු වැලි කොට්ටයක් එල්ලා එය හරියටම කි‍්‍රයාත්මක වෙන්නේද කියා පරික්ෂාකර බලනු ලැබේ.
එල්ලා මැරීමට නියම කළ පසු ඔහුගේ බර කල්තියාම කිරා බලන්නේ ඒ නිසාය.
එල්ලා මරණ දිනයේ 6.00 ට ආහාර ලබාදෙනවා. නමුත් හුඟ දෙනෙක් ඒ ආහාරය ගන්නේ නැහැ. මරණ බයේ ගැහි ගැහී ඉන්න නිසා කෑම කන්න තරම් තත්ත්වයක ඔවුන් නැහැ. තව පොඞ්ඩෙන් එල්ලා මරන්න ඉන්න මට බඩගින්න නිවාගන්න ඕනෑ නැහැ. බඩකට පුරවා ගත්තා කියා තේරුමක් නැහැනේ කියා කෑම ප‍්‍රතික්ෂේප කරපු අය ඕනෑ තරම් ඉන්නවා. එල්ලා මරණ දවස දැනුම් දුන්නු දවසේ ඉඳලා එල්ලූම් ගහට යන්න ඉන්න තැනැත්තා හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ. බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. කාලය ගත කරන්නේ අන්තිම මොහොතේ හරි මරණ දණ්ඩනය ඉවත්කරයි කියා තමා හිත හිතා ඉන්්නේ යැයිද ඔහු කියයි.
විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් මෙසේද පවසයි.
එල්ලූම්ගහට නියමවුණ පුද්ගලයාට ඔහුගේ ආගම අනුව භික්ෂුන්වහන්සේ කෙනෙක් කතෝලික පූජකයෙක් හෝ මුස්ලිම් පූජකවරයෙක් ගෙනැවිත් ආගමික කටයුතු සිදුකරනවා. එල්ලූම්ගහට නියම වෙච්ච පුද්ගලයා මේ ආගමික කටයුතුවලට සහභාගි වෙනවා. මගේ මතකයේ හැටියට කිසිම කෙනෙක් ආගමික වතාවත් ප‍්‍රතික්ෂේප කරලා නැහැ. සන්සුන්ව කිසිම හැලහොල්මනක් නැතුව ආගමික වතාවත්වලට සහභාගි වෙනවා.
මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන දවසේ උදේම කිසිම හිරකාරයෙක්ව සිරමැදිරිවලින් එළියට ගන්නේ නැත. සිර මැදිරියෙන් ඔවුන්ව එදාට එළියට ගන්නේ එල්ලූම් ගහට නියමවූ පුද්ගලයා එල්ලා මරා දැමීමෙන් පසුවය.
බන්ධනාගාරයේ එදාට රාජකාරියේ යොදවා සිටින සියලූම නිලධාරින් සීරුවෙන් තබන අතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර තබයි. මෙසේ දොරටු විවෘත කර තබන්නේ අවසන් මොහොතේ හෝ එල්ලා මරන්න නියමිත කෙනාට නිදහස ජනාධිපතිවරයා ලබාදෙන බව ඒ පණිවිඩය රැුගෙන එන පුද්ගලයාට බන්ධනාගාරය තුළට පහසුවෙන් ඇතුළුවීම සඳහාය.
බන්ධන්ගාරය එදාට හරියට මළ ගෙයක් වගේ. කිසිම ශබ්දයක් නැහැ. බන්ධනාගාර නිලධාරියොත් එදාට නළාවක්වත් පිඹින්නේ නැහැ යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා පෙන්වා දෙයි.
සිරමැදිරියේ කණ්නාඩියක් එල්ලා තිබෙනවා. අන්තිම වතාවට මුහුණ බලාගන්න. සමහරු කණ්නාඩියෙන් මුහුණ බලා ගිහින් එන්නම් කියනවා. යන්නයි සූදානම් කියනවා. මුහුණ බලාගෙන හයියෙන් හිනාවෙනවා. සමහරු කණ්නාඩියට කෙළ ගැසූ අවස්ථාත් තිබුණා මට මතකයි.
එල්ලා මරන්න කෙනෙකුට දින නියම කළාම ඒ මනුස්සයා විතරක් නෙමේ එල්ලන්න ඉන්න අනිත් හැමෝමත් පුදුම භයකින් ඉන්නේ. ඒ අයත් හරියට කෑමක් බීමක් ගන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ඇඟවල් සුදුමැලි වෙනවා. කෙනෙක් එල්ලා මරණ දවසට එල්ලා මරන්න ඉන්න අනිත් අයට බඩ යනවා. සමහරුන්ට බඩයෑම නවත්වා ගන්න බැරිව ගියාම ප‍්‍රතිකාර කරන්න බන්ධනාගාර රෝහලට අරන් යනවා. එක්කෙනාට එක එක අමාරු අසනීප.
ඊළඟට කාව එල්ලා මරන්න දිනය එයිද කියා සිතීම නිසා තමා ඔවුන් මේ විදිහට බයවෙන්නේ මරන්න නියම වෙලා ඉන්න හැමෝම වාගේ දියෙන් ගොඩ දාපු මාළුවෝ වගේ ගැහෙනවා. මිනීමරද්දී ඔවුන් ඒවා ගැන හිතන්නේ නැහැ. එල්ලන බව දැනගත්දා ඉඳලම බයේ ගැහෙනවා. පිස්සුවෙන් වගේ හැසිරෙනවා. නන්දොඩවනවා. සමහරු ?ට නින්දෙන් බයවෙලා වාගේ කෑගහගෙන ඇහැරෙනවා. තවත් සමහරු නින්දෙන් මරහඬ දෙනවා.
හරියටම 8.05 ට තමා එල්ලා මැරීම සිදුකරන්නේ. එල්ලා මරණ දිනයේ වෛද්‍යවරයෙක්, බන්ධනාගාර අධිකාරිවරයා හා ජේලර්වරුන් දෙදෙනෙක් ඉන්නම ඕනෑ. මරණ දඬුවම නියම වුණාට පස්සේ බන්ධනාගාරයේදී බාර ගත්තු ජේලර්වරු දෙන්නා තමා ඔහු එල්ලා මරණ දවසේ එල්ලූම් ගහ ළඟ ඉන්නේ. ඔවුන් දෙදෙනා තමා මේ එල්ලා මරන්න යන්නේ එදා තමන් බාර ගත්ත කෙනාව කියා හඳුනා ගන්නේ. මේ හඳුනා ගැනීමෙන් පස්සේ පෝරකය උඩට කැඳවාගෙන යනවා.
එල්ලා මරණ කෙනාට බොඩි ජැකට් එකක් අන්දනවා. මුහුණට ආවරණයක් දමනවා. බොඩි ජැකට් එක කැන්වස් රෙද්දකින් නිම කරපු විශේෂිත ඇඳුමක්. අධිකරණය මගින් මරණ දඬුවම නියම කළ පුද්ගලයා එල්ලා මැරූ පසු සිදුවන කි‍්‍රයාවලිය ගැනද විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා තොරතුරු හෙළිකර සිටියේය. කෙනෙක් එල්ලා මැරුවාට පස්සේ නහයෙන් කටෙන් ලේ එනවා. මුත‍්‍රා පිටවෙනවා. නහයෙන් සොටු ගලනවා. වෛද්‍යවරයා ගොස් ඔහු මිය ගියාද කියා පරික්ෂා කර බලනවා.
එල්ලා මරා දාපු කෙනාගේ සිරුර ඥාතීන්ට බාරදීමක් සිදුවන්නේ නැහැ. රජයේ වියදමින් භූමිදානය කරනවා. මිනිය උස්සන්නේ නැහැ. රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස සලකා ගෙනයි මේ විදිහට කරන්නේ. කෙනෙක් එල්ලා මරණ දවසට ඒ කෙනාගේ පවුලේ උදවිය කැම්බල් පිටියට ඇවිත් ඉන්නවා. ඔවුන් හඬමින් තමා ඉන්නේ. මළසිරුර භූමිදානය කරන තැනටවත් යන්න ඔවුන්ට අවස්ථාව ලබාදෙන්නේ නැහැ.
වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාරවල සේවය කර ඇත්තේ එකම අළුගෝසුවන් දෙදෙනෙකි.
1970 දශකයේ අළුගෝසු තනතුර දරා ඇත්තේ ලූවිස් සිංඤෝ සහ පව්ලිස් සිංඤෝ යන දෙදෙනාය. ඔවුන් දෙමස්සිනෝ වෙති.
කෙනෙක් එල්ලා මරන්න නියම දවසට කලින් දිනයේ අළුගෝසුවන් දෙදෙනා රාජකාරියට වාර්තා කළ යුතුයි. රාජකාරියට වාර්තා කළාට පස්සේ ඔවුන්ට තමන්ට පැවරී ඇති රාජකාරිය කර නිමවෙනතෙක් එළියට යාමට අවසරයක් නැහැ යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා පවසයි.මේ දෙමස්සිනලා අතර සිදුවූ හරිම අපූරු සිදුවීමක් ගැනද විශ‍්‍රාමික බන්ධනාගාර නියාමකවරයා සිය මතකය අවදි කළේය.
වැලිකඩ බන්ධනාගාරයේදී පුද්ගලයෙක් එල්ලා මරන්න නියමිතව තිබුණා. පව්ලිස් සිංඤෝ හා පබිලිස් සිංඤෝ දෙමස්සිනාලා කලින් දවසේ ඇවිත් රාජකාරියට වාර්තා කළා. කෙනෙක්ව එල්ලා මරන්න කළින් දවසේ ?ට මේ දෙන්නා අරක්කු බීම සිදුකරනවා. එදත් මේ දෙන්නා අරක්කු බීලා තිබුණා. අරක්කු බීලා හිටිය මේ දෙන්නා මොකක් හරි දෙයකට හොඳටම රණ්ඩුවෙලා හෙට මම අර මනුස්සයා එල්ලා මරන්නේ නැහැ කියා පවුලිස් කියද්දී පබ්ලිස් කියා තිබෙනවා මමත් එහෙම තමා උඹත් එක්ක මේ වැඬේට එන්නේ නැහැ කියා.
අළුගෝසුවන් දෙන්නාගේ ගැටුම හරිම ප‍්‍රශ්නයක් වුණා. හෙට එල්ලන්න ඉන්න කෙනාව පෝරකයට ගොඩ කරලා එල්ලන්නේ නැහැ කියා. ලාල් නන්දන පෙරේරා කියන බන්ධනාගාර නිලධාරියෙකුට මේ ගැන දැන ගැනීමට ලැබුණා. ඔහු කියා තිබෙනවා උඹලා දෙන්නා වැඬේ කරන්නේ නැත්නම් මම හෙට ඔය වැඬේ කරනවා කියා. එහෙම කියපු ලාල් එවකට බන්ධනාගාර අධිකාරිවරයා ලෙස හිටිය සයිමන් ඞී සිල්වා මහත්තයා හම්බවෙන්න නිල කාමරයට ගිහින් අළුගෝසුවන් දෙදෙනාගේ වර්ජනය ගැන කියා තිබෙනවා.
සර්, උන් දෙන්නාම බැහැ කිව්වට කමක් නැහැ මම හෙට අළුගෝසු වැඬේ කරන්නම්. මට ඒ වැඬේ කරන්න පුළුවන් කියා තිබෙනවා. එතකොට සයිමන් සර් අසා තිබෙනවා ලාල් තමුසෙට ඇත්තටම ඔය වැඬේ කරන්න පුළුවන්ද කියා. ඔව් සර් මට පුළුවන් හින්දයි කියන්නේ කියා ඔහු කියා තිබෙනවා. ඒ නමුත් ලාල්ට අළුගෝසු වැඬේ කරන්න සිද්ධවුණේ නැහැ. එළිවෙද්දී මස්සිනාලාගේ දෙන්නාගේ ගැටුම ඉවරයි. ඔවුන් දෙන්නාම අර මනුස්සයා එල්ලා මැරුවා යැයි විජේදාස මහත්තයා ඒ කතාව හමාර කළේ සිනා සෙමිනි.
දැන් නැවතත් මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කළ යුතුයි යන මතවාදය කරළියට පැමිණ සංවාදයට ලක්වෙමින් පවතී.
එල්ලූම්ගහ කි‍්‍රයාත්මක කර හෝ රටේ සෑම කෙනෙකුටම නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බව මෑතකදී ප‍්‍රකාශ කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාය.
තිස්හය වසරක් සේවා අත්දැකීම ඇති හය දෙනෙකු එල්ලූම් ගහට ගිය ආකාරය සියැසින් දැක ඇති විජේදාස මහතාගෙන් අවසාන වශයෙන් මම ප‍්‍රශ්නයක් ඇසුවෙමි.
මිනී මැරුමකට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ස්තී‍්‍ර දූෂකයන්ට මරණ දඬුවම දෙන්නම ඕනෑ. මේ වගේ දඬුවමක් දුන්නාම මිනිස්සු බයවෙනවා. අපරාධ රැුල්ල අඩුකරන්න, මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමත් එක් ප‍්‍රබල සාධකයක් යැයි විශ‍්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා මගේ ප‍්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහුගේ මතය ඉදිරිපත් කළේය.



