තම දරුවා වෙනුවෙන් සිංහල උපකාරක පන්තියක් පැවැත්වීම සඳහා නිෙවසට පැමිණි ගුරුවරයකු පන්ති පවත්වන අතරේ අමුතු අන්දමේ විද්‍යා පාඩමක් කියාදීමට ගොස් දරුවාගේ පියාගෙන් බඩ කට පුරා ගුටි කෑ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය. ඔහු ප්‍රදේශයේ පාසලක සිංහල භාෂාව ඉගැන්වීමේ නිරත ගුරුවරයෙකි.
අමතර ආදායමක් ලෙස නිවෙස් වලට ගොස් උපකාරක පන්ති පැවැත්වීම සිදු කළේ පවත්නා ජීවන අරගලයට මුහුණ දීම සඳහා අමතර ආදායමක් උපයා ගැනීමේ අටියෙනි. ඉගැන්වීමට දක්ෂයකු වීම නිසාම ප්‍රදේශයේ යමක් කමක් ඇති කීපදෙනකුම ඔහු තම නිවෙස්වලට ගෙන්වා තම දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම බාර කළේ ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ ඇති විශ්වාසය නිසාය.
සිංහල විෂයට තරමක් දුර්වල තම දරුවාටද නිෙවසට පැමිණ උගන්වන ලෙස ප්‍රදේශයේ පුද්ගලයකු ඔහුගෙන් ඉල්ලා සිටියේ තම දරුවාට කෙසේ හෝ මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් අත්කර දීමේ අටියෙනි.
සතිය පුරාවටම පන්ති කීපයක්ම පැවැත්වීම නිසා තමන්ට කාලවේලාව කළමනාකරණය කර ගැනීමට අපහසුතාවක් ඇතැයි කී ගුරුවරයා දරුවාට ඉගැන්වීමට රාත්‍රී කාලය යොදාගත් අතර ඇතැම් දිනවලදී ගුරුවරයා දරුවාගේ නිෙවසේම නවාතැන් ගත්තේ දරුවාගේ මව්පියන්ගෙන්ද ඊට විරෝධයක් එල්ල නොවීම නිසාය.
එවිට වැඩි වේලාවක් තම දරුවාට ඉගැන්වීම් කටයුතු කළ හැකි වීම නිසා ඒ පිළිබඳ දරුවාගේ මවුපියන් සිටියේ දැඩි කැමැත්තකිනි.
අය කරන මුදල පසෙක තබා ඇතැම් අවස්ථාවල මැදියම් රෑ දක්වාම දරුවාට සිංහල භාෂාව උගන්වන්නට තරම් ගුරුවරයා පරිත්‍යාගශීලී වූවේ දරුවාගේ මව්පියන්ගේ ද සිත් දිනා ගනිමිනි.
කෙසේවෙතත් පසුගිය දිනෙක සිංහල භාෂාව ඉගැන්වීම පසෙක තැබූ හෙතෙම දරුවාගේ විද්‍යා විෂය පොතක් අතට ගෙන එහි වූ ප්‍රජනක පද්ධතිය පිළිබඳ පාඩමක් කියා දුන්නේ ඒ සම්බන්ධයෙන් හසල දැනුමක් ඇත්තකු පරිද්දෙනි.
ඒ සඳහා ඔහු තම ස්මාර්ට් දුරකතනයේ තිබූ ඇතැම් පිංතූර හා වීඩියෝද උපකාර කර ගෙන ඇත.
මවුපියන්ට බොහෝ සේ ලැදියාවකින් පසුවූ දරුවා ඒ පිළිබඳව සිය මවටත් පියාටත් කළ දැනුම්දීමක් මත යක්ෂාරූඪ වූ පියා ගුරුවරයාගෙන් ඒ පිළිබඳ විමසා ඇත්තේ සිංහල ඉගැන්වීමට පැමිණ විද්‍යාව උගන්වන්නට හේතුව කුමක්ද කියාය.
දැනුම හා අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනික මෙවලම් භාවිතය පිළිබඳ තමා උගත් විෂය කරුණු පෙන්වමින් ගුරුවරයා දරුවාගේ පියා සමඟ වාදයක පැටලුන ද සිදුවී ඇත්තේ කුමක්දැයි අවබෝධ කරගත් පියා ගුරුවරයාට අතින් පයින් සංග්‍රහ කර මහ රෑම ඔහු නිෙවසින් එළියට ඇද දැම්මේ ඒ වන විටත් රැස්ව සිටි අසල්වැසියන්ටද ගුරාගේ කැරට්ටුව පහදා දෙමිනි.
වියලුව වාර්තාකරු