(තිහගොඩ - උපසේන ලියනගම)
සන්ධ්‍යා භාගයේදී කලබලයේ සංචාරක හෝටලයකට ආ විදේශීය කාන්තාවක් හෝටල් හිමියා හමුවී උණුසුම් කතාබහක් කළේ අත පය ද එහා මෙහා කරවමිනි. ඇයගේ කතාව අසා සිටි හෝටල් හිමියාට දෙවියන් සිහිවිය.
ඇය ඉංග්‍රීසි බසින් කී කතාවේ සිංහල අදහස මෙසේය.
“අපේ පවුලේ අය ඊයේ උදේ මෙතැනින් කෑම කෑවා. කාටත් බඬේ අමාරු හැදිලා, දැන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවා. මට දොස්තර කීවේ අපට දීපු කෑම වට්ටෝරුව සමග කෑම සාම්පල අරගෙන එන්න කියලා”. ඇයගේ ඉල්ලීම පරිදි හෝටල් හිමියා කෑම වට්ටෝරුව ලියා දුන්නත් කෑම සාම්පල් දීමට නොහැක්කේ ඒවා ඉවත් කළ නිසා බව කීය. කෑම වට්ටෝරුව රැගත් ඇය නැවත වාහනයට නැගගත් විට හෝටල් හිමියාගේ ඇඟට ලේ පොදක් ඉනුවාලු.

