(බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
ඉදිරියට යෑමට සංඥා නොමැතිව නතර වූ දුම්රියකට කොළ කොඩිය වෙනුවට හබුරු කොළයක් වනා ගමන් කිරීමට ඉඩ සැලසූ දුම්රිය ආරක්ෂක ගේට්ටුකරුවකු පිළිබඳ ගාලු දිසාවෙන් දැන ගන්නට තිබේ.
ස්ථිර දුම්රිය ගේට්ටුකරුවකු වන ඔහු වැසිකිළි ගොස් තිබියදී දුම්රිය පැමිණ තිබේ. ගේට්ටුව වසා සංඥා නොමැති නිසා රියැදුරු දුම්රිය නතර කොට නළා ශබ්දය ඇසී වැසිකිළියේ සිට දුවමින් දුම්රිය ගේට්ටුව වසා සංඥා ලබා දී තිබේ.
එසේ දුම්රිය නතර කළ විට ගේට්ටුකරු කොළ පාට කොඩියක් වනා මාර්ගය බාධාවක් නැති බව දැනුම් දුන් විට දුම්රිය ධාවනය කිරීම සිරිතකි.
මේ වන විට ගේට්ටුවේ කොළ පාට සහ රතු කොඩි දෙකක් තිබුණත් අස්ථාන ගත වී තිබිණි. හිදිසියට කොළ පාට කොඩිය නොමැති නිසා දුම්රිය මාර්ගයේ දෙපස තිබූ හබුරු කොළයක් කඩා වනා තිබේ.
ඒ සංඥාවෙන් පසු දුම්රිය ධාවනය කළ අතර වගකීමකින් රාජකාරිය කරන්නැයි දුම්රිය රියැදුරු දොස් පවරමින් ගියාලු.

