හතළිස් හතරේ කතට සැමියාත් දරුවන් නව දෙනාත් එපාවී විසි දෙකේ පෙම්වතා සමඟ ගිහින්


දරු දැරියන් නව දෙනෙකු සහ සැමියා අතහැර දා 44 හැවිරිදි කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු හා පලාගිය පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තාවේ. ඇගේ වැඩිමහල් දරුවා 25 හැවිරිදිය. ඇය සමග යුග දිවි රස බැලීමට එක්වී ඇති නව පෙම්වතා එම කාන්තාවගේ වැඩිමල් පුතුටත් වඩා වයසින් බාල අයෙකි. ඔහු 22 හැවිරිදි වියේ පසුවෙන්නෙකි. දුක් මහන්සියෙන් දරු පවුල රැකගත් සැමියා සහ දරුවන් හැර දමා පැන ගිය ඇගේ පෙම්වතා නැගෙනහිර පළාතේය. මේ සම්බන්ධය අත්හැර දමන්නැයි පවුලේ අය ගේ අවවාද අනුශාසනාවලින් පලක්වූයේ නැත. හොර රහසේ පැවති මේ සම්බන්ධය හමාරවූයේ පියකු සහ දරුවන් 9 දෙනකු අතහැර අනියම් සැමියා හා පලා යාමෙනි. දරුවන් 8 දෙනකු තවමත් පාසල් යන අය වෙති. මේ දරු පිරිස බලා කියා ගන්නට බැරිව අසරණව සිටින පියා රැකියාව කර ගැනිමට ද නොහැකිව උදේ හවා පොලිසිය ළඟ ගැවසෙන අයුරු දැක ගත හැකිවිය.