ප්‍රසිද්ධ නගරයක පොදු ස්ථානයක රාත්‍රි කාලයේ රැඳී සිටි රජයේ නිලධාරියෙකු සිය අනන්‍යතාවය සනාථ කිරීම සඳහා හැඳුනුම්පත් කිසිවක් නොමැතිවීම නිසා රාජකාරි නිල මුද්‍රාව පෙන්වා නිදහස් වූ පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා වේ.
උපතේ සිට මරණය දක්වා ජනතාවට සිය සේවය ලබාදීම සිදුකරන නිලධාරියකු වන ඔහු හැඩි දැඩි සිරුරකට හිමිකම් කියන විශාල ආදරයක් සහිත කැපී පෙනෙන ක්‍රියාවන් කිරීම සඳහා දැඩි කැමැත්තක් දක්වන අයකු බවට සිය කාර්යාල මිතුරන් අතර දැඩි ප්‍රසිද්ධියක් ද උසුලයි. දුර බැහැර ප්‍රදේශයක සිටි මිතුරෙකුගේ නිවසේ තිබූ සාදයකට සහභාගි වි නැවත පැමිණෙන විට මාධ්‍ය රාත්‍රියට ආසන්න විය. ගමට යාම සඳහා නගරයේ ස්ථානයක රැඳි සිටින විට ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් නිසා එය කෙරෙහි ආරක්ෂක අංශයේ අවධානය යොමුවී ප්‍රශ්න කර ඇති බව පැවසේ.
ආරක්ෂක අංශයේ ප්‍රශ්න කිරීම් හමුවේ කලබලයට පත් නිලධාරියා තමන්ගේ නිලය සහ රාජකාරිය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. රජයේ නිලධාරියකු දැයි තහවුරු කර ගැනීම සඳහා අනන්‍යතාවය හෙළිකර ගැනීම පිණිස ඔවුහු හැඳුනුම්පත් පිළිබඳව විමසීමක් සිදු කළහ. හැඳුනුම්පත් නොමැති බව පැවසීම නිසා නිලධාරීන්ගේ සැකය තෙගුණ විය. ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරියා විසින් අපූරු පිළිතුරක් දෙමින් සිය රාජකාරි නිල මුද්‍රාව ආරක්ෂක අංශයට ඉදිරිපත් කළේය.
නිලධාරියා පිළිබඳව විස්තර තහවුරු කර ගැනීම සඳහා ඔහු පදිංචි ප්‍රදේශයට අයත් ආරක්ෂක අංශ කාර්යාලයට අමතා විස්තර විමසීමට නිලධාරිහු ක්‍රියා කළහ. ආරක්ෂක නිලධාරින් විසින් නිලධාරියාගේ මාණ්ඩලික නිලධාරියකු අමතා කරුණු විමසීමෙන් පසුව ඔහු රජයේ සේවකයෙකු බවට සනාථ විය. ප්‍රදේශයෙන් බැහැර යාමේදී හැඳුනුම්පත රැගෙන යාම පිළිබඳව අවවාද කොට නිලධාරියා නිදහස් කළේය.
නිලධාරියාගේ දුරකථනයට උදෑසනම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් ලැබුණු ඇමතුමකට අනුව ඔහු හමුවීම සඳහා කාර්යාලයට ගියේය. මාණ්ඩලික නිලධාරියාගෙන් ලැබුණු ලුණු ඇඹුල් සහිත දේශනාව හේතුවෙන් සිද්ධිය කාර්යාලය පුරා පැතිර යාමට වැඩි වේලාවක් ගත නොවීය. කාර්යාල මිතුරන් විසින් නිලමුද්‍රාව පිළිබඳව විමසමින් ඇමතුම් ලබා දීම හේතුවෙන් දුරකතන අංකය ද වෙනස් කිරීමට කටයුතු කර ඇතැයි සැලවේ.
හක්මණ විෙශ්ෂ
දෙනගම යසන්ත ආරියසේන