සැන්ටිපෝට්ලා දුටු සපත්තු මහන්නා පණ කඩාගෙන දුවලා


ගොම්මන් කළුවර වැටීමට ආසන්නය. සපත්තු මහන්නා පැමිණි අයකුගේ සෙ​ෙරප්පුවක් මසමින් සිටියේ මුඛ ආවරණය නළලේ රඳවාගෙනය. ඔහු තත්පර කිහිපයකට වරක් මාර්ගය දෙස නෙත් යොමා සිටියේ තම කාර්යය කරන අතරතුරය. නිල ඇඳුමින් සැරසුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණෙනු ඔහුගේ නෙතගට හසුවිය. සපත්තු මහන්නා වහාම උඩු මහලට දිවගොස් අතුරුදන් විය. 


සෙ​ෙරප්පුව මසා ගැනීමට පැමිණි පුද්ගලයා මවිතයෙන් බලා සිටියේය. 


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එතැනට පැමිණියහ. 


‘කෝ මෙයා? එක් නිලධාරියෙක් සෙරෙප්පුව සාදා ගැනීමට පැමිණි අයකුගෙන් විමසීය. 


‘මමත් එයා එනකන් තමයි බලන් ඉන්නේ? හෙතෙම බොරුවක් ඇද බෑවේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විනාඩි කිහිපයක් බලා සිටියත් සපත්තු මහන්නා පැමිණෙන පාටක් නැත. ‘මගෙත් සපත්තුවක් මහගන්න ආවේ. මිනිහා නැහැනේ. අපි යන්නම්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිටව ගියහ. 


සුළු වෙලාවකින් සපත්තු මහන්නා හති දමමින් පඩිපෙළ බැස ගෙන පැමිණියේය. 


මම හිතුවේ මාව අල්ලන්න ආවා කියලා. මම ඊයේ මාස්ක් එක නළලේ දාගෙන හිටියා. මහත්තුරු ඊයේ මා දිහා බලාගෙන ගියා. අදත් එහෙමනේ හිටියේ. ඒකයි මම දිව්වේ? යැයි පවසා මුඛ ආවරණය හරිහැටි දමාගත් ඔහු තම කාර්යයේ යෙදෙන්නට විය. රාගම නගරයේදී සිදු වූවකි.ක්‍රිස්ටෝපර් සීපියන්.