මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත. තමන් හා එක්ව සතුටුවී රාත්‍රි ආහාරයද ගෙන යන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්විය.
ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකිවූ නිසාද මෙහි කතා නායකයාද ඊට එක්වූයේය. මධු විතෙන් සප්පායම් වෙමින් හමුව උච්චතම අවස්ථාවට පත්වූයේ පැදුරු පාටිය නැග යද්දීය. අන්තිම බෝතලය කැඩිණි. ඒ සමගම සංසදයේ සාමාජිකයකු අපේ කතානායකයාගේ කනට කොඳුරා කීවේ මධුවිත පානය සඳහා ගිය වියදම සඳහා එක් අයකුගෙන් රුපියල් දෙදහස බැගින් අය කරන බවයි.
එය ඇසූවාම සූර් හිඳී ඔහු තුෂ්නිම්භූතවිය. අතේ සතේ නැත. ගෙදර තිබුණු මුදලක් ගෙන ආවේද නැත. මම ආරාධනයට එක්වුණා මිස වෙන කිසිවක් කළ නොහැකි බව ඔහු කීවේය. සිටි තැනින් නැගිට්ටේය. ආරාධනය කළ සංවිධායකයාට දෙකක් කියා නිවස බලා පිය නැගීය.
ඔහු සගයන් සමග පසුව පැවසුවේ මින් ඉදිරියට සුහද හමුවක් සඳහා යන කිසි තැනකින් වතුර උගුරක්වත් නොබී එන්නට තමන් ඉටාගත් බවය.