බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න” යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග්‍රීසි අකුරු කීපයක් කොළයක ලියා දොර අසල තබා කළුතර කිතුලාව ගණකාධිකාරීවරයකුගේ යතුරුපැදියක් සොරාගෙන ගිය පුවතක් කළුතරින් වාර්තා වේ.
එම යතුරුපැදියේ පැති කණ්ණාඩියක මත තබා තිබූ කළු පාටට හුරු ආරක්ෂක හිස් වැස්ම සහ කුඩයක්ද සොරාගෙන ගොස් ඇතැයි හිමි කරු පොලිසිය කියා ඇත.
පැමිණිලිකාර ගණකාධිකාරීවරයා ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර බිරිඳ ද පෞද්ගලික ආයතනයක ලිපිකාරිනියක ලෙස සේවය කරන බවත් ඉකුත් 1 වැනිදා රැකියාව නිමවා නිවසට පැමිණ නිවස ඉදිරිපිට වැරැණ්ඩාවේ යතුරුපැදිය නවතා ආරක්ෂක හිස් වැස්ම පැති කණ්ණාඩිය මත තබා ඇත.
පසුදින දරුවන් පාසලට ඇරලීම සඳහා සූදානම්ව යාම සඳහා යතුරු පැදිය බැලීමේදී යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්ම දකින්නට නොතිබූ බවත් ඒ අසල තබා තිබූ ආයතනයෙන් ලද කුඩයද නොමැති වීම හේතුවෙන් අවට පරීක්ෂා කිරීමේදී ඉදිරිපස දොර අසල සුදු පාට පත්තර කොළයක සිංහලෙන්” මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒක නිසා මං ඔහේගේ බයිසිකලේ අරගෙන ගියේ “කරදරයක් වුණානම් සමාවන්න” යනුවෙන් සිංහලෙන් ලිය ස්ථාවර දුරකථන අංකයක් ද සටහන් කර ඉංග්‍රීසි අකුරු ලියා ඇති බව වාර්තා වේ.
එම කොළ කැබැල්ලේ සටහන්ව තිබූ ස්ථාවර දුරකථන අංකයට ඇමතීමේදී අගලවත්ත පොල්ගම්පල ප්‍රදේශයේ අයකුගේ අංකයක් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.