වැසිකිළි​ෙය් ප්‍රේමාලාපයෙන් අනියම් රංගනය අතේ මාට්ටු


සැමියා සහ දරුවන් තිදෙනා ප්‍රතික්ෂේප කිරීම නිසා විසි හත් හැවිරිදි අනියම් සැමියා සොයාගිය හතළිස් දෙහැවිරිදි කාන්තාවක් පිළිබඳව පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.

විවාහවීමෙන් පසු වසර විස්සකට වැඩි කාලයක් එක්ව ජීවත් වූ යුවළකට වයස විසි එක, දහහත, දොළහ යන වයසේ දරුවෝ තිදෙනෙක් සිටියහ. අගනගරයේ රැකියාවක නිරත වූ සැමියා නිවසට පැමිණියේ මසකට වරක් පමණි. එලෙස පැමිණීමත් දින තුනකට හෝ දෙකකට පමණක් සීමා විය. හිතවතෙකුගේ නිවසේ දී හමු වූ තරුණයකු සමග වසර හයකට පමණ පෙර  බිරිද අනියම් සමිබන්ධයක් පටන් ගෙන තිබුණි. එම තරුණයා රැකියාවක් සඳහා විදේශ රටකට ගිය අතර එය ඔවුන්ගේ සම්බන්ධයට බාධාවක් කර නොගැනීමට දෙදෙනාම වග බලා ගත්හ.


විදේශගත වූ පෙම්වතාගෙන් ලද  විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා තෑගි වලින් අඩුවක් නොවිය. සැමියාගේ සැකය වැඩිවී තිබු අතර දිනක් වැසිකිළියට ගිය බිරිය පැමිණීමට ප්‍රමාද වීම ගැන සොයා බලද්දී වැසිකිළිය තුළ පැය ගණනක් දුරකථනය ඔබමින් සිටි කාන්තාව සැමියාගේ අතටම අසුවිය. මව දුරකතනයේ දවස පුරාම කාලය ගතකිරීමට ඇබ්බැහිවීම නිසා බොහෝ දිනවලදී උදේට උයන කෑම දරුවන්ට වේල් තුනටම කෑමට ද සිදුවී තිබිණි.


පෙම්වතා නිවාඩුවකට ලංකාවට පැමිණ සිටි අතර සැමියා නිවසේ නොමැති සෑම අවස්ථාවකදීම පෙම්වතා නිවසට ගෙන්වා ගැනීම පුරුද්දක් ලෙස ඇය සිදු කළාය. කාන්තාවගේ මව ද දියණියගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළ අතර බෑණා සහ දරුවන්ගේ රැකවරණය සඳහා ඇය නිතරම පෙනි සිටියාය. දරුවන්ට නොසලකමින් බිරිඳ අනියම් සම්බන්ධයක් පවත්වන නිසා ඇය සමග ජීවත්විය නොහැකි බවට පුද්ගලයෙකුගෙන්  ලද පැමිණිල්ලකට අනුව සියලු පාර්ශවයන් කැඳවා සිදුකළ විමර්ශනයක දී  මෙම කරුණු අනාවරණය විය. 


 කාන්තාව නිතර නිතර නිවසින් බැහැරව ගොස් කාලය ගතකරන නිසාත් ඇයගේ හැසිරීම දරුවන්ට පීඩාවක්ව පැවතීම හේතුවෙන් ඔවුන් මව සමග වාසය කිරීම දැඩිව ප්‍රතික්ෂේප කර පියා සමග නිවස බලා පිටත්ව ගිය අතර කාන්තාව සිය අනියම් පෙම්වතා සොයා සිනාමුසු මුහුණෙන් යුතුව පොලිසියෙන් පිටව ගියාය.

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන