වැරදීමකින් අත වැදුණාම මෛත‍්‍රී කරුණාව අමතක වෙලා
120 කැස්බෑව පිටකොටුව බසයකි. දවස සිකුරාදාය. වේලාව උදේ 7.30ට ළංවී තිබිණි. වයස 50ක් පමණ වූ උගත් පෙනුමක් ඇති කාන්තාවකි. චතුරාර්යය සත්‍ය 2 පොත කියවමින් අසුනේ වාඩිවී සිටියාය. කරුණාව හා මෛති‍්‍රය මුහුණේ ලියැවී තිබිණි. ඇය අසලට පැමිණි උසස් ආයතනයක රැකියාවක නියුතු තරුණ කාන්තාවක බස් රථයේ බෑග් රඳවනයේ අත් බෑගය තබා ඇය අසලින් හිට ගත්තාය. ටික දුරක් යනවිට ඇය පොත වසා නෙත් පියා ගත්තේ චතුරාර්යය සත්‍යය 1 වාගේම 2 කද අවබෝධ කරගත්තාක් මෙනි.
තුම්මුල්ලේ දී හිටගෙන සිටි තරුණ කාන්තාව උඩ තබා තිබූ අත් බෑගය ගැනීමට තැත් කරද්දී ඇයගේ අත යාබද කතගේ අතේ ගෑවුනේය. ඇගේ කරුණා මෛති‍්‍රය රහත් විය. මුහුණ රෞද්‍ර විය. ඇය තරුණ කාන්තාවට ඔරවමින් වැලමිටෙන් ද ඇන්නාය. තරුණ කාන්තාව මෙසේ කීවාය. ”ඔහොම චතුරාර්යය සත්‍යය අවබෝධ කර ගන්න බෑ මිස්” කියා බසයෙන් බැසීමට ඉදිරියට ගියාය. ඉතා ලජ්ජාවට පත් වයසක කාන්තාව මොකක් ද කිව්වේ කියමින් නැවත වරක් ඇයට පහරදී කෑ ගසමින් බනින්නට වූවාය. තමාට අනපේක්ෂිතව සිදුවූ මේ අකරතැබ්බය රියදුරුට පැවසූ තරුණ කාන්තාව බැස යන අවස්ථාවේ ද වයසක කාන්තාව බසයේ සිට ජනේලයෙන් හිස දමමින් දඹරැගිල්ල කරකැවුයේ මරියකඬේ කතක්වත් නොකරන ස්වරූපයෙනි.

