වැඩි පරිස්සමට මිත්තනියට එවූ සල්ලි මිටිය වේයන්ගේ ගොදුරක් වෙලා


පියාගේ බේබදුකම නිසා ඉගෙනීම් අතහැර අගනුවර රැකියාවකට ගිය ඇය තමා උපයන මුදලින් කොටසක්  යෙහෙළියක අත මිත්තනියට එව්වේ ගෙදර අන් කිසිවකු විශ්වාස නැති නිසාය. මිත්තනිය ද මාසිකව එවන ඒ මුදල ආරක්‍ෂා සහිතව සඟවා තැබුවේ ඇය ආවිට  ආපසු දීමටය. ගෙදරට මුදල් ගෙනැවිත් දුන් යෙහෙළිය පසුගියදා ඇයට කීවේ මිත්තනිය රෝගී වී රෝහල් ගතකර ඇති බවය. මිත්තනිය බැලීමටත් තමා දුන් මුදල පිළිබඳව සෙවීමටත් ඇය නිවෙසට පැමිණ කෙළින්ම ගියේ රෝහලටය. තමා වෙත එවූ මුදල් සඟවා ඇති තැන කීමට තරම් මිත්තනියට හොඳ සිහියක් තිබුනි. නිවෙසට ගොස් ඇය කී ස්ථානය අත පත ගා බැලූ ඇයට තරු පෙනිණි. පත්තර ගොඩක් අස්සේ තිබූ රුපියල් දෙදහසේ කොළ දෙකක් හැරෙන්නට ඇගේ හැඹිලියත් සෙසු මුදලත්  හඳුනාගත නොහැකි සේ වේයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුනාලූ.