ඇල්ල ප්‍රසාද් රුක්මල්
කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
සරසවි අධ්‍යාපනය හදාරන මෙම සිසුවියෝ නිවාඩුවට ගම්බිම් බලා ගොස් යළි බදුල්ලේ බෝඩිමට පැමිණියහ. ඔවුන් සිය නිවෙස්වල සිටම දිවා ආහාර ද පිළියෙල කරගෙන පැමිණි අතර ඔවුන් ගෙනා ආහාර ඇතුළු ඇදුම් බෑග් බෝඩිම් කාමරයේ මේසය මත තබා ගමන් විඩාව නිවමින් ඔවුහු ඇඳුම් මාරුකරන්නට වූහ.
බදුල්ල ප්‍රදේශයේ රිළවුන්ගේ තර්ජන බහුලව ඇති අතර, එක් සිසුවියක කාමරයේ ජනේලයක් විවෘත කළේ රස්නය නිසාවෙනි.
මේ අතරතුරේ නිවස අසල ගසක සිටි රිළවෙක් ආහාර සුවඳ දැනී එක්වරම ජනේලයෙන් කාමරයට ඇතුළු වී මේසය මතට නැග ගෙන ගමන් මලු දිග හරින්නට විය.
කාමරයට රිංගා ගත් රිළවා දුටු සිසුවියෝ බියට පත්වී යටිගිරියෙන් කෑගසාගෙනම ඇද සිටි අඩ නිරුවත් ඇඳුම් පිටින් දිවගියහ.
මොවුනගේ කෑගැසීම ඇසී අසල්වාසීන්ද එම ස්ථානයට දිව ආ අතර අඩනිරුවතින් සිටි සිසුවියන් පිරිස ඒ අසල නිවසක කාමරයක රඳවා නිවසේ කාමරයේ සිටි රිළවා එළවා දමා සිසුවියන්ට ඔවුන්ගේ ඇඳුම් කාන්තාවක විසින් ගිහින් දීමෙන් අනතුරුව එම ඇඳුම් ඇඳගත් සිසුවියන් පිරිස යළි බෝඩිමට ආවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.