හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල්වලට බෙදාහරිමින් සිටියදි ආයතන ප්‍රධානියාගේ අතටම හසුවූ සේවකයකු පිළිබඳ අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.
ජනතාවට වඩාත් සමීප සේවාවක් සපයන ජනතාව අතර දැඩි ප්‍රසාදයට පත් රජයේ කාර්යාලයක් නගරයක් සමීපයේ ඇත. වසර පහකට වැඩි කාලයක් මෙම කාර්යාලයේ සේවය කළ සේවකයෙක් සතියට දින හතරක්වත් විවිධ සේවා අවශ්‍යතා සඳහා යැයි බැහැර යෑමට පුරුද්දක් කරගෙන සිටියේය. උග්‍ර සමාජවාදි අදහස්වලින් පිරුනු වදන් වලින් කාර්යාල මිතුරු මිතුරියන් සමග අදහස් හුවමාරු කරගන්නා ඔහු විනිවිදභාවය අවංකත්වය හා නිවැරදිව රාජකාරි කිරිම පිළිබඳව උපදෙස් ලබාදීමට ද ඔහු රුසියකු බව පැවසේ.
බිරිද කෘෂි කර්මාන්තයට අදාළ රැකියාවක් සිදුකළ අතර ඔහුට රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපාරයක්ද ඇත. සුපුරුදු ලෙස සේවයට වාර්තාකර දිනක් එලෙස බැහැර ගිය අතර වෙනදා පරිදිම රෝපණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කාර්යයේ නිරත වුයේ කිසිදු පැකිළීමකින් තොරවය.
ආයතන ප්‍රධානියා දිස්ත්‍රික් කාර්යාලය යමින් සිටියදී අතරමග වෙළෙඳ සලකට රෝපණ ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි සේවකයා දුටුවේය. කාර්යාලයට කතාකර ඔහු පිළිබදව විමසිමේදී වැඩසටහනකට යන බව පවසමින් බැහැර සටහන් කර පිටව ගොස් ඇති බව නිලධාරියෙක් සදහන් කළේය. ප්‍රධානියා වාහනයෙන් බැස ගොස් වැඩසටහන පිළිබදව විමසීමක් කළ අතර සේවකයාට උන්හිටි තැන් ද අමතක වූයේය.
සිදුකළ වරදට ආයතන ප්‍රධානියාගෙන් ඔහු සමාව අයැද සිටි අතර පසුදින කාර්යාලයට කැඳවා අවවාද කළ අතර කාර්ය මණ්ඩල රැස්වීමක්ද කැඳවා බැහැර යාම පිළිබදව සියලු දෙනාට ලුණු ඇඹුල් සහිත දේශනාවක් ද ප්‍රධානියා සිදුකළේය. සිද්ධිය වසන් කර ගැනීමට කොතෙකුත් ඔහු උත්සාහ කළ ද කාර්ය මණ්ඩල රැස්වීමේදී ප්‍රධානියා සිදුකළ දේශනාව නිසා කාර්යාලය පුරා සිද්ධිය ප්‍රසිද්ධ වීමට වැඩි කාලයක් ගත නොවීය. සේවකයා හමුවන අවස්ථාවලදි බැහැර යන්නේ නැද්ද යනුවෙන් මිතුරන් විමසීම නිසා වෙනත් කාර්යාලයක ස්ථාන මාරුවීමක් ඉල්ලා ඔහු යාමට සුදානමින් සිටින බව ද වාර්තාවේ.