විදේශයක රැුකියාවක් ලද තරුණයෙක් එහි ගොස් අදාළ ආයතනයේ නිලධාරින් හමුවිය. කම්කරුවෙක් වශයෙන් රැුකියාව ලැබුණත් ඔහුගේ ඉංග‍්‍රීසි කථාබහ උසස් මට්ටමක තිබුණෙන්, ආයතනයේ උසස් නිලධාරියෙක් ඔහු අමතා. ‘‘ඔයාට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් නිසා කැමති නම් ”ටයිම් කීපර්’’ රැුකියාවක් දෙන්නම්. හැබැයි අපි ගෙවන්නේ කම්කරු වැටුප යනුවෙන් පැවසීය.
‘‘සර්ලා දෙවිවරු වගේ උදවිය. මම ඒ යෝජනාවට කැමතියි. මට ලේබර් සැලරි එක දෙන්න. මම ටයිම් කීපර් වැඬේ කරන්නම්’’ ඔහු පැවසීය. ඔහුට තනතුර ලැබිණි. ගිනි ගහන අව්වේ කරවෙනවාට වඩා ඒසී එකේ ඉන්න එක දාහෙන් සම්පතක්. තමාටම කියාගත් හෙතෙම රැුකියාව හොඳට කරගෙන ගියේය. ඔහුගේ කාර්යක්ෂම බව නිලධාරීහු අගය කළහ.
කොන්ත‍්‍රාත් කාලය අවසානයේදී ප‍්‍රධානියා හමුවී ‘‘මට සර්ලාගේ කොම්පැනියෙන් සහතිකයක් ඕනේ ටයිම් කීපර් විදිහට වැඩකළා කියලා. ඒක මට වටිනවා’’ තරුණයා කීය. වසර දෙකක් එම ආයතනයේ වේලා සටහන්කරුවෙකු වශයෙන් සේවය කළ බවට සේවා සහතිකයක් ලැබිණි. ඔහු සහතිකයද රැුගෙන එම රටේ කම්කරු කාර්යාලයට ගොස් ‘‘සර් මම මේ ආයතනයේ අවුරුදු දෙකක් ටයිම් කීපර් වැඩකළා. මෙන්න සහතිකය. ඒත් මට ලැබුණේ කම්කරු වැටුපයි කියමින් තම වැටුප් විස්තර ද ඉදිරිපත් කළේය.
නිලධාරින් විමතියට පත්වූයේ වේලා සටහන්කරුවෙකු වශයෙන් සේවය කළත් ලබාදී ඇත්තේ කම්කරු වැටුප් බව අනාවරණය වීමෙනි. ආයතනයේ ප‍්‍රධානියාව ගෙන්වාගත් පසු නියමිත වැටුප් සමඟ වන්දි මුදලක් ද ගෙවීමට ආයතනයට සිදුවිය. විශාල මුදලක් ලබාගත් තරුණයා ලංකාවට පැමිණියේය. ‘‘මේ මිනිහා අපේ කනෙනුත් රිංගුවා, පුදුම මොළ කාරයෙක්” ප‍්‍රධානියා පැවසීය.

