විදේශීය රටක සේවයේ නියුතු පුතෙක් නැවත මව්බිමට ඒමට පළමුව සිය පවුලේ උදවියට දුරකතන ඇමැතුමක් ලබාදීමට කටයුතු කළේය. “ඔයාලට මොනාද ඕනේ” ඔහු විමසීය. ඒ අනුව සහෝදර සහෝදරියේ ඇඳුම් පැළඳුම්, සුවඳ විළවුන් වර්ග යනාදිය ඉල්ලූහ. පියාද තමාට ජංගම දුකරථනයක අවශ්‍යතාව පැවසීය.
මවගේ ඉල්ලීම අන් හැමදෙනාටම වඩා වෙනස් විය. “පුතේ, මට එහෙ තියනවානම් අමු මිරිස් ගේන්න. මෙහෙ අමු මිරිස් හරි හිඟයි.” ඒ දිනවල දිවයිනේ අමු මිරිස් හිඟයක් පැවතිණි. කිලෝ එකක් රුපියල් එක්දාස් තුන්සීයකි. යනුවෙන් පැවසුවාය. තම මව්බිමට පැමිණි පුතා සියලු දෙනාටම අවශ්‍යදෑ ගෙනවිත් තිබිණි. ඒ අතර මනාලෙස පාර්සල් කරන ලද අමු මිරිස් කිලෝ තුනක්ද විය.
ක්‍රිස්ටෝපර් සීපියන්. අනුරාධපුරය.

