මොඩ් සංගීතය ඉවසනු බැරිව අල්ලපු ගෙදර කත පොලිසි ගිහින්


තම  අසල්වැසි නිවසේ තරුණ කණ්ඩායමක් හැමදාම හැන්දෑවට ඉතාම  අසභ්‍ය හඬක්  නංවන සංගීත වාදනයක් කරන බව නිවසේ හුදකලාව සිටින කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක්  කර ඇත. මේ මොහොතේ පොලිස් නිලධාරියා ඒ හඬ  කුමක්දැයි ඇසුවත් ඇය ලැජ්ජාවෙන් ඒ ගැන කීවේ නැත. පැමිණිල්ල ලියාගත් නිලධාරියා චූදිතයින්ට පොලිසියට එන ලෙස කීවේ වාද්‍ය භාණ්ඩ සියල්ලත් රැගෙනය. පොලිසියේදී පැමිලිකාරිය ඉදිරිපිට දී මෙම අසභ්‍ය වාදනය කරන්නට කී විට ඔවුුහු නවීන ගීතයක තාලයට වාදනය කළහ. ඒ මොහොතේ ඇය ”ඔය ඔය  චිකේයිය. අපෝ  ඕක නවත්වන්න” කී වේ එය ඉවසාගත නොහැකි පරිද්දෙනි. මේ අරුම පුදුම වාදනය ඇසීමට මේ වනවිට පොලිසියේ විශාල පිරිසක් ද එක්ව සිටියහ. එම වාදනයේ කිසිදු අසභ්‍ය බවක් නැති  බව කී ඔවුන් ”ඔයා එක එක දේවල් හිතාගෙන අහන කොට එහෙම ඇහෙනවා ඇති”  කීවේ සිනාසෙමිනි. අනුන්ට කරදර වන පරිදි නොහැසිරෙන ලෙස තරුණයන්ට අවවාද කළ පොලිස් නිලධාරියා මේ කාන්තාව  මානසික වෛද්‍යවරයකුට යොමු කළ යුතුව ඇතැයි අන් අයට කීවාලූ. සිද්ධිය අසන්නට  ලැබුණේ අගනුවර ආසන්න ප‍්‍රදේශයකිනි.