(තෙල්දෙණියේ එම්. බණ්ඩාර ඒකනායක)
කොළඹ මංමාවත් පිළිබඳ දැනුමක් නැති අයෙක් කොළඹ ගියේ නොයාම බැරි අත්‍යවශ්‍ය වූ කාරණයකටය. ගමේදී මිතුරකුගෙන් අසා දැනගත් මාර්ගය ඔස්සේ ගිය ඔහුට එක් හන්දියකදී යා යුතු පාර ගැන සැකයක් සිතී කාගෙන් හෝ අසා දැන ගැනීමට සිතුවේය. ලොතරැුයි අලෙවි කරමින් ඇවිද ගෙන එන කාන්තාවක් දැක ඇගෙන් යා යුතු ස්ථානය විමසීය.
හරි මහත්තයෝ ඔය පාර දිගේ යන ගමන් දකුණු පැත්තේ කටවුට් ටික ගණන් කරගෙන යන්න. හැට එක් වැනි කටවුට් එක ළඟින් දකුණට හැරෙන්න.
අපොයි පයින් යන්න ඈත වැඩියි නේද?
නැහැ මහත්තයා මීටර් 500ක්වත් නැහැ. කාන්තාව කීවාය.
කොළඹ ගොස් පැමිණි තැනැත්තා ගමේ මිතුරන්ට කීවේ කොළඹ කටවුට් ගැහිල්ලේ තරම හිතාගනිල්ලා කියාය.

