මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා
යතුරු පැදියකින් පැමිණි සොරකු තම මාලය කඩාගෙන යද්දී උපහාසාත්මකව සිනාසුණායැයි එම සොරා ආපසු පැමිණ මාලය හිමිකාරියට කම්මුලට ගැසීමේ සිද්ධියක් අරණායකින් වාර්තා වේ.
මහ දවල් එම කාන්තාව මාර්ගයේ ගමන් ගන්නා අතර යතුරු පැදියකින් පැමිණි අයකු ඇය අසල යතුරුපැදිය නවතා ගෙල බැඳි මාලය වටිනා රන් දම්වැලක් යැයි සිතා කඩා ගෙන යාමට සැරසෙද්දී එය ”ඉමිටේෂන් වර්ගයේ” කිසිදු වටිනා කමක් නැති එකක් කියා උපහාසාත්මකව සිනාවක් පා ඇය ආපසු යාමට සැරසෙද්දී මෙය දුටු සොරා ආපසු පැමිණ ඇයගේ කම්මුලට ගසා මාලයද විසිකර පලාගොස් ඇත.

