මාරුවට සුබ පැතූ මිතුරෝ අමාරුවේ


ඔහු එම ආයතනයේ වසර ගණනාවක් සේවය  කළේය. වාර්ෂික ස්ථාන මාරු ලේඛනයට  ඔහුගේ නමත් ඇතුළත්ව තිබුණි. වසර ගණනාවක් තමන් සමග සිටි  සගයාට  අවසන්  දිනයේදී සුබ පැතීමට සාදයක් පැවැත්වීමට මිතුරෝ කටයුතු සුදානම් කළහ. ප‍්‍රදේශයේ අවන්හලකදී ඉහළම අන්දමින් සාදය සූදානම් කළහ. ආහාර පාන මෙන්ම මධුවිතද නොඅඩුව තිබුණි. කවුරුත් කා බී විනෝද වූහ. මිතුරාගේ ගුණ වැනූහ. ඔහු කළ උදව් පදව් සිහිපත්  කළහ. ඇතැමුන් මිතුරා බදාගෙන සිප වැළඳ ගනිමින් සුහදතාව පළකළහ. රෑ බෝවීමත් සමග දැඩි අපහසුවෙන් මිතුරාගෙන් වෙන් වූහ. පසුදා ආයතනයට ගිය පිරිසට දැකගත හැකි වූයේ තමන් සුබපතා  පිටත් කළ මිතුරා නැවතත් ඔහුගේ ආසනයේම රැඳී සිටින බවකි. කාටත් පුදුමයකි. ඔහු වෙත ගිය මිතුරෝ  කරුණු විමසූහ. ”ට‍්‍රාන්සර් කැන්සල් කරල” මිතුරාගේ පිළිතුරෙන් එකිනෙකා මුහුණු බලාගත්වනම සිටියහ.