බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
හෙතෙම ජීවත් වන්නේ සබරගමුව පළාතත් ඌව පළාතත් අතර පිහිටි හම්බෙගමුව ප්‍රදේශයේ දුෂ්කර ගමකය.
ඔහු ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වන්නෙකි. ඊට අමතරව දවුල්, තම්මැට්ටම් වාදනය කරන කණ්ඩායමක සාමාජිකයෙකි.
කපටි රජෙකි. කරන්නේම කපටි වැඩය.
ඔහුගේ උදෑසන රාජකාරිය වන්නේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශනයෙන් අනතුරුව විකාශනය වන අවමගුල් දැන්වීම් වලට සවන් දීමයි.
ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශයට ආසන්න ගමක අවමගුල් දැන්වීමක් කියවුණොත් වහාම දුවගෙන යන්නේ තම කණ්ඩායමේ නායක ගුරුන්නාන්සේ හමුවෙන්නටය.
ගුරුන්නාන්සේ අසවල් ගමේ මළ ගෙයක් වෙලා. මම ගිහින් බලලා එන්නම් ඔහු කියන්නේ ය.
ඒ අනුව එම මළ ගෙදරට ගොඩ වෙන ඔහු දේහයට අවසන් ගෞරව දක්වා එළියේ ඇති පුටුවක වාඩි වෙන්නේ අවට සිටින පිරිස සමග කතා බහට එක් වෙමිනි.
බලන්නකෝ හරි අපරාධයක් නේ වූණේ නේද...? කියමින් ඉතා දුක් වන්නේ ය. පරණ චාරිත්‍ර වාරිත්‍ර අනුව නම් මියගිය පුද්ගලයාට ගෞරවයක් වශයෙන් මළ බෙරයක් ගහන්න ඕනි. ඔහු කියන්නේ අවට සිටින පිරිසට සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට ඇසෙන්නට ය.
ඒක නම් හොඳ අදහසක් තමයි ඒත් මේ ළඟ පාතක එහෙම කණ්ඩායමක් නැහැනේ ඥාතිහු කීහ.
මම දන්න කණ්ඩායමක් ඉන්නවා ඕනි නම් එක්කරගෙන එන්න පුළුවන් ඔහු කීවේය.
අනේ ලොකු දෙයක් එහෙනම් එක්කරගෙන එන්න ඥාතිහු කීහ.
ඒ අනුව අවසන් කටයුතු සිදු කරන දා.. මළ බෙර ගසන කණ්ඩායම වාහනයකින් නිවසට පැමිණියේය.
ඔවුහු සිය කාර්ය අවසන් කර පිටත් වන්නට පෙර ගනුදෙනු බේරා ගනිති.
ඉහත කී පුද්ගලයා ඥාතීන්ට මෙසේ කිවේය.
දන්නවානේ අද කාලේ පැට්‍රල්, ඩීසල් හරිම ගණන් ඒ නිසා වාහනයට මේ ගණන දෙන්න. අපිටත් මේ ගණන දෙන්න ඒ කියන ගණන් අනුව ඥාතීන්ගේ ඉහමොළ රත් විය.
මොනවා කරන්නද ලැජ්ජාවෙන් බේරෙන්නත් එපැයැ..ඔන්න ඔහෙ ඔය ගාන දෙමු ඥාතීහු කීහ.