මළගෙදර කියන්න ගිහින් සැමියාගේ හොරේ පත්තු වෙලා


මළ ගෙදර කියන්න ගොස් අඹු සැමි ඇසුර දෙදරා ගිය පුවතක් ඇතුගල අවටින් අසන්නට ලැබුණි.
විවාහක අඹු සැමි යුවළකි. ඔවුනට අධ්‍යාපනය හදාරන වයසේ දරුවෝ දෙදෙනෙක් ද සිටිති.
බිරිය නිවසේ සිට වෙළෙඳසලක් පවත්වාගෙන යන අතරවාරයේ සැමියා නගරය අවට පෞද්ගලික ආයතනයක සේවය කරන්නේය.
ඔහු දිනක් මිතුරාගේ නිවසට ගියේ තමාගේ ස්මාර්ට් ජංගම දුරකථනය බිරිය අතට දීමෙනි. ඒ ඔහු එදින නිවසින් බැහැරව සිටින නිසාත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට එය අවැසි වන නිසාත්ය.
සැමියා මිතුරාගේ නිවසේ රැඳී පසු දින උදේම සේවා ආයතනයට පැමිණියේය. ඒ එදින නිවාඩු දිනයක් නිසා එහි රැඳී කළ යුතු වැඩ කොටස් කිරීම සඳහාය.
ඔහුගේ සහාය සඳහා මිතුරා ද රාත්‍රියේ පැමිණීමට නියමිතය.
මේ අතරේ ඔහු එදින උදේ සේවයට නික්ම ගිය නිවසේ මිතුරාට නොසිතු ආකාරයේ කරදරයකට මුහුණ දීමට සිදුවිය.
ඒ ඔහුගේ බිරියගේ මව හදිසියේ මිය යාම නිසාය.


ඔහු ඒ බව සේවයේ නියැළෙන අයට කීමට උත්සහා කළත් ජංගම දුරකථනය ඇත්තේ වෙළඳසල පවත්වාගෙන යන බිරිය අතේය.
‘‘නංගි මහත්තයට කියන්න මට අද රෑ වැඩට එන්න ලැබෙන්නේ නෑ. මගේ නැන්දම්මා නැතිවුණා.”
එම පණිවිඩයෙන් කලබල වූ ඇය එය කියන්නට සැමියාගේ සේවා ආයතනය කරා පිය නැගුවාය.
 ගේට්ටුවට ද ඉබි යතුරු දමා වසා ඇත. කිසිවකුත් පෙනෙන්නට නැත. එහෙත් සැමියාගේ යතුරු පැදිය ඉදිරියේ රථ ගාලේ නවතා ඇත.
සැමියා කාමරයේ නිදාගෙන ඇති. ඒ නිසා සැකයක් නැතිව සිය බිරිය වැටෙන් රිංගා කාමරය දෙසට ගියාය.
කවුදෝ එන ශබ්දය ඇසී කාමරයෙන් පිටතට පැමිණි සැමියා කලබලයට පත්වෙන අයුරු බිරිය දුටුවාය.
ඇය නිමේශයකින් කාමරය පරීක්ෂා කළාය.
ඔහු වෙනත් අනියම් කතක් කාමරයට ගෙනැවිත් සිටින බව දැනගත් බිරිය සැමියාව පිළිකුල් කරමින් දොස් නගමින් එතැනින් නික්ම ගියාය.
ඇය පැමිණි කාරණය පවා කීවේ නැත. සිද්ධිය ගැන ඔහු සවසට එන්න පමා වන්නේ ඇයි දැයි කියා මිතුරාගෙන් විමසීය.
එවිට ඔහුගේ පණිවිඩය කියන්නට බිරිය පැමිණ ඇති බවත් උඹේ මළ ගෙදර නිසා මගේ 15 වසරක විවාහ ජීවිතය විනාශ වෙමින් පවතින බවත් මිතුරා ඔහුට කීවාලු‍.

 

මොරගොල්ලාගම  සිසිර කැලේගම