(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඡන්ද ඔට්ටුවක් අල්ලා රුපියල් පන්දහසක් පරාද වූ පුද්ගලයෙක් එම මුදල රු. දහසක මාසික වාරික වශයෙන් ගෙවීමට කල් ඉල්ලා දැන් මසකට රුපියල් සියය බැගින් ගෙවන බව කියන පුවතක් මීරිගම ප්‍රදේශයෙන් වාර්තා විය.
හිතවතුන් දෙදෙනා මෙම ඔට්ටුව අල්ලා ඇත්තේ චෙක්පත් දෙකක් ඇපයට තබමිනි. පරාජිතයා එක්වර මුදල් ගෙවීමට අපහසු බව කියා රුපියල් පන්දහස වාරික පහකින් ගෙවීමට මැතිවරණය අවසන් වූ වහාම අනෙක් පාර්ශවය කැමැති කරවා ගෙන ඇත. ඒ අනුව පළමු වාරිකය වූ රුපියල් දහස ඒ අවස්ථාවේම ගෙවා ඇත. පසුව කළ සොයා බැලීමේදී ජයග්‍රාහකයා ඇපයට තැබූ චෙක්පත අගරු චෙක් පතක් බවට හෙළි වීම නිසා පරාජිතයා මාසිකව ගෙවන බවට පොරොන්දු වූ රුපියල් දහස වෙනුවට රුපියල් සියයක් ලෙස ඉදිරියට ගෙවන බවට ප්‍රකාශ කිරීමෙන් පසු ජයග්‍රාහකයා ද එයට එකඟව මාසිකව රුපියල් සියය බැගින් මුදල ලබා ගැනීමටත් ඒ අවස්ථාවේ දෙදෙනා එම මුදල් වැය කර තේ බීමටත් එකඟ වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව ඔට්ටුව අවසන් වීමට මාස හතළිහක් ගත වීමට නියමිතය. මේ ආකාරයට ඔට්ටුව ගෙවා අවසන් කරන අවස්ථාව වන විට ඊළඟ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනයද ආසන්න වීමට ඉඩ ඇති හෙයින් මෙම ඔට්ටුව ඇල්ලූ දෙදෙනා මිතුරන්ගේ දැඩි උසුළු විසුළුවලට ලක් වෙමින් සිටිති.

