මන්ත්‍රීගේ ගෙට ගහන්න ආවාම ලොතරැයියකුත් ඇදිලා


(කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත)
පුංචි මන්ත්‍රීගේ නිවෙසට පහරදීමට පැමිණි අයෙකුට රුපියල් ලක්ෂ පහක පමණ ලොතරැයියක් ඇදුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


 හේ කුරුඳු ඉඩමට පොහොර දැමීමට සූදානම් වූයේය. සිය රන්  අත් පළඳනාව ගලවා මේස උඩ දැමුවේ එහි පොහොර ගෑවීමෙන් බේරා ගැනීම සඳහාය.


  පොහොරත් සමග කුරුඳු ඉඩමේ සිටියදී මේ පුංචි මන්ත්‍රීගේ නිවෙසට පිරිසක් පහර දුන්හ. ඒ ඔහු පොහොට්ටුවේ ප්‍රබලයෙකු යයි කියමිනි.


ඔහුගේ නිවස කුඩු පටම්වීමට ගියේ සුළු මොහොතකි. පරිසරය නිහඬ විය. 


මැරයන් කුඩු පට්ටම් කළ බඩු මුට්ටු අතරින් ඔහු ගියේ මේසය උඩ දැමූ රන් අත් පළඳනාව තිබේද යන්න සොයා බැලීමටය. එය මේසය මත නොතිබිණ. ඔහුගේ නිවෙසට පහරදීමට පැමිණි අයකු එය රැගෙන ගොස් තිබිණි. එය තමාට ඇදුණු ලොතරැයියක් යයි ඔහු සිතන්නට ඇත.