ගලෙන්බිඳුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය
විවාහ දිවියට ඇතුළත්ව, ජීවිතයේ සොඳුරුතම මතකයන් එක් කරගන්නා මධුසමය අතරතුර, සිය නව මනාලිය සුඛෝපභෝගී හෝටල් කාමරයක තනිකර, සේවය කරන කාර්යාලයේ අතිකාල සේවය (OT) සඳහා පිටත්ව ගිය රත්නපුර ප්‍රදේශයේ මනාලයෙකු පිළිබඳ අරුම පුදුම පුවතක් වාර්තා වේ.
පසුගිය සතියේ දී විවාහ දිවියට ඇතුළත් වූ මෙම යුවළ, සිය මධුසමය ගත කිරීම සඳහා නුවරඑළියේ ප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන ඇත. මනාලිය සමඟ ආදරයෙන් වෙලී, සොබා සෞන්දර්ය විඳිමින් සිටි මනාලයාට, ඔහු සේවය කරන පෞද්ගලික ආයතනයේ ප්‍රධානියාගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබී ඇත.
එම ඇමතුමෙන් දැනුම් දී ඇත්තේ, ආයතනයේ අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක හදිසි අවශ්‍යතාවයක් මතුව ඇති බැවින්, වහාම සේවයට වාර්තා කළ යුතු බවය. ජීවිතයේ එක් වරක් පමණක් උදාවන මධුසමය පසෙක තැබූ මෙම අපූරු මනාලයා, මනාලියට තත්වය පැහැදිලි කර, “පැය කීපයකින් ආපහු එනවා, ඔයා බය නැතුව ඉන්න” යැයි පවසා, ඇයව හෝටල් කාමරයේ තනිකර රත්නපුර බලා පිටත්ව ගොස් ඇත..
සියලු බලාපොරොත්තු සුන් වූ මනාලිය, සිදුවූ දෙය හිතා ගැනීමටවත් නොහැකිව කම්පනයට පත්ව ඇති අතර, ඇය සිය සමීපතම යෙහෙළියකට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවීම පවසා ඇත.
“අපි කොච්චර ආසාවෙන්ද මේ දවස් ටික ගත කරන්න ආවේ. එයාට වැඩේ තමයි ලොකු වුණේ. මට නම් මේක හීනයක් වගේ” යැයි ඇය කඳුළු සලමින් පවසා ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, පැය පහ හයකට අධික කාලයක් අතිකාල සේවයේ නිරත වූ මනාලයා, නැවතත් නුවරඑළිය බලා පැමිණෙන විට මධ්‍යම රාත්‍රියද පසුවී තිබූ බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග යුවළ අතර යම් මතභේදාත්මක තත්වයක් උද්ගතව ඇති බවද ඔවුන්ගේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. රැකියාවට දක්වන අසීමිත ලැදියාව සහ කැපවීම අගය කළ යුතු වුවත්, ජීවිතයේ වැදගත්ම අවස්ථාවකදී පවා එයට මුල් තැන දීම කෙතරම් සදාචාරාත්මකද යන්න පිළිබඳව මෙම සිදුවීම සමාජය තුළ කතාබහක් ඇති කිරීමට සමත් වී තිබේ.