මඟුල්ගෙදරකට ඉල්ලා ගෙනගිය මාලය අපාසු එද්දී ඉමිටේෂන් වෙලා
මඟුල් ගෙදරක යාමට ඉල්ලාගෙන ගිය රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන්මාලය ආපසු දුන් පසු ඉමිටේෂන් මාලයක් වූ පුවතක් වාර්තාවන්නේ වාරියපොල ප‍්‍රදේශයෙනි.
පෞද්ගලික ආයතන දෙකක සේවය කරන විවාහක කතුන් දෙදෙනා ඉතා සමීප යෙහෙළියෝය. විවිධ ගමන් අවශ්‍යතාවලදී ඇඳුම් පැළඳුම් මුදල් හදල් පවා හුවමාරු කර ගනිති. දිනක් එක් මිතුරියක් පැමිණ අනෙක් මිතුරියගේ රුපියල් ලක්‍ෂයක් පමණ වටිනා රන් මාලය ඉල්ලාගන ගියේ මංගල උත්සවයකට පැළඳගන යාම පිණිසය. මිතුරියද ඉල්ලූ සැණින් රන්මාලය බහාලූ මංජුසාව ගෙනැවිත් ඇය අත තැබුවාය.
දින දෙකකට පසු රන්මාලය රැගෙන ගිය කාන්තාවගේ පුත‍්‍රයා පාපැදියකින් විත් ”ඇන්ටි මේක අම්මා ඔයාට දෙන්න කිව්වා” කියා මංජුසාව ඇය අත තබා ඉගිල ගියේය. හිතවත්කම වැඩි නිසාම ඇය එය රැගෙන ගොස් අල්මාරියේ තැබුවේ පරීක්‍ෂාවක් නොකරමය.
මාලය අයිතිකාරියගේ මව සිද්ධිය බලා සිටියාය. දුවේ ඒ දුව මාලය ගෙනියන්න ආවා ගෙනැත් දෙන්න බෑ. කොල්ලො බල්ලො අතේ එව්වා. ඈතක නම් ඒත් කමක් නෑ. මෙහෙ ගනින් මාලෙ බලන්න” කීවාය. දුවද අම්මාගේ අණට කීකරු වී මාලය ගෙනැවිත් මවට දුන්නාය.
”දෙයියෝ සාක්කි දුවේ මේක ඉමිටේෂන් එකක්. රුපියල් සීයක්වත් වටින්නෑ. මෙහෙ වරෙන් යන්න කියා මාලය රැගෙන ගිය කතගේ නිවසට ගොස් මාලය දී ”මේක අපේ මාලෙ නෙවෙයි මේක ඒක වාගෙ දෙතුන් ගුණයක් වටින එකක් කීහ.
”අනේ එස්කියුස් මී මෙයා මේ අපේ ළමයා කරලා තියන වැඩක්. මාලෙ මාරු කරල ඉන්නකෝ ආවම අල්ලගන්නම්” කියා රත්රන් මාලය ආපසු දුන්නාලූ.
”දුවේ උඹලට තවම හරියට මේ ගෙන්දගම් පොළොව පෑගිල නෑ. එකට කෑවත් බොක්ක වෙනස් කියල කියමනක් තියනවා. ඒකවත් අහල නැද්ද?” ඇසුවාලූ.

