වයඹ පළාතේ පදිංචි තරුණයකුට රජරට පළාතෙන් තරුණියක් සරණපාවා දීමට කලක සිට අදහස් කරගෙන සිටි තරුණයාගේ මවුපියෝ මංගල යෝජනාවක් සතිඅන්ත පුවත්පතක පළ කළහ. මේ තරුණයා පරිගණක ක්‍ෂේත‍්‍රයේ රැකියාවක නිරත වූ අයෙකු වූ හෙයින් ඔහු සහකාරිය කර ගැනීමට බලාපොරොත්තු වූයේ ගුරු වෘත්තියේ නියුතු කාන්තාවකි. පුවත්පතක පළකරන ලද දැන්වීමේ ඒ පිළිබඳව සඳහන් කොට තිබිණි.
එම දැන්වීම අනුව ලිපි ගණනාවක්ම තරුණ මනාලයා වෙත ලැබිණි. ඒ අනුව සුදුසු සහකාරිය තෝරා ගෙන රජරට ප‍්‍රදේශය වෙත මනාලියගේ නිවස සොයා පිරිසක් ගියහ. මනාලයාද මේ ගමනට එක්වූයේ මහත් සතුටකිනි. එදින මනාලියගේ නිවසේ දහවල් ආහාරය ආගන්තුක පිරිස වෙනුවෙන් සූදානම් කොට තිබිණි. පවුල් පසුබිමද හොඳින් ගැලපෙන හෙයින් මංගල්‍යය ඉක්මනින්ම කළ යුතු තැනට පළමු දිනයේම කතාකර ගත් පිරිස දහවල් ආහාර ගැනීමට සූදානම් වූහ. මනාලියගේ පියා සංග‍්‍රහ කටයුතු සියල්ල සූදානම් කොට ඔහුද පිඟානකට කෑම බෙදා ගෙන මනාලයාගේ පිරිස සමග ආහාර ගනිමින් සිටියේය. හිටි හැටියේම ඔහුගේ පිඟානෙන් මස් කෑල්ලක් බිමට වැටුණි.
වැටුන විගසම එය අහුලා යළි පිඟාන මත තබාගත්තේය. තරුණ මනාලයා මේ දෙස හොඳින් බලා සිටියේය. ඒ සිද්ධිය නිසා ඔහුට ඒ මනාලිය එපා විය. පසුව මේ මගුල නොකෙරෙන බව තරුණ මනාලයා මනාලියගේ පාර්ශවයේ අයට දුරකතන ඇමතුමක් මගින් දන්වා තිබුණි.

