බසයේ ටිකට් හබයට රියැදුරාගෙන් සටන් විරාමයක්
බසයේ සටනට විරාමයක් ඇති කළ රියදුරකුගේ කතාවක් අගනුවර බස්රථයක සිදුවිය. අපි හැමදාම ගියේ රුපියල් 12ට, මොකද ඔයා විතරක් රුපියල් 16ක් ගත්තේ.
කොල්ලූපිටියේ මංසන්ධියෙන් බසයට නැගගත් කාන්තාවන් දෙදෙනකුගෙන් එක් තැනැත්තියක් රුපියල් හතරක් වෙනුවෙන් සටන ආරම්භ කළේ ඒ ආකාරයෙනි. මේ නෝනලා උගත් අය වෙන්න ඇති. ඒක මම හරියට දන්නෙ නැහැ. ඒ වගේම මමත් මගේ රස්සාව තරමට ඉගෙන ගෙන තියෙනවා. කොන්දොස්තර එසේ කියද්දී කාන්තාව නැවතත් මෙසේ කීවාය. ”හා හොඳයි එහෙනම් මට ටිකට් එකක් දෙන්න”
කොන්දොස්තර එවර අසරණ විය. රාක්ක දෙස වරක් බැලූ ඔහු බස් රථයේ ඉදිරි ලොකරය හැර යමක් සොයන්නට විය. ටිකට් නිකුත් කිරීමට පොත එහි නැත. නැවතත් පැරණි සුංගුම් බුංගුම් ගොඩක් ඇද්දේය. එවර පැරණි ටිකට් පොතක් එළියට ආවේය.
ආ මෙන්න තියා ගන්න දුහුවිලි පිරීගිය ටිකට් පතක් කාන්තාව අත තැබුවේය. මට එපා 28 එකක්. මට දෙන්න මම දුන්නු මුදලට හරියන ටිකට් එකක්. කාන්තාව නැවතත් කීවාය.
දැන් බස්රථය බොරැල්ලට ද ආසන්නය. දෙදෙනාගේ ගණුදෙනුව තවමත් අවසන් නැත. කොන්දොස්තර නැවතත් ටිකට් පොත එහා මෙහා පෙරළුවේය.
මුළු බස් රථයේම සිටි පිරිසට මෙය ටෙලිනාට්‍යයක් දැයි සැකයක් ද සිතුනේය.
ඒ තරම් දෙබස් රසවත්ය.
බස් රථය ප‍්‍රසිද්ධ පාසලක් අසල නතර විය. රියදුරු බස්රථය නැවැත්විය. එක්වරම අසුනෙන් නැගිට්ටේය.
මේ ඔය දෙන්නගේ කන්දොස්කිරියාව නවත්වනකන් මම මේක අඩියක් හොළවන්නේ නෑ.
මොනවද හලෝ ඔය රුපියල් හතරකට නහින්නෙ. ඔන්න ඔය මනුස්සයා දුන්නු ගාණකට ටිකට් දෙනවා. නිකං ලේ පුච්චගන්නේ නැතිව. මේ නෝනා, නෝනා වුණත් බස්රථයක යන්න කළින් මගී නීති ගැන දැනුවත් වෙන්න දැන් බස් ගාස්තු එක්ක රුපියල් 12 ටිකට් එක 16යි.
මේ මිනිහා ඒ අවශ්‍ය මුදලට තමයි නෝනාගෙන් අරගත්තේ. බස් ගාස්තු වැඩි වුණාට ඒ ගැන අපටම බැනලා වැඩක් නෑ.
ඔය රුපියල් හතරකට දෙන්නා එක්කම ලේ පුච්ච ගන්නේ ඇයි? විනාඩි කිහිපයකින් පසුව දෙදෙනාම නිහඬ වූහ.
රියැදුරු බස්රථය පණ ගන්වා ගමන ඇරඹීය.

