බසය බදු ගත්තාට අපූරු පාඩමක්
එය ආසන 60 ඉක්ම වූ බස්රථයකි. ගමෙන් නගරයට ඇදෙන්නේ හිමිදිරියේය. සෑම බස් නැවතුම්පොළකින්ම හත්අට දෙනකු ගොඩවන අතර ඇතැමෙක් මෙහි අසුන් ‘සමාගම්’ වශයෙන් බෙදාගෙන සිටියහ.
ඉදිරි අසුන්වල මෑතකදී දැන හඳුනාගත් ගැහැනුන් හා පිරිමින්ද මැද අසුන්වල නව යොවුන් තරුණියන් ද පිටුපස අසුන්වල මේ සියලූ දෙනා මුසුවූ අට දෙනෙක් පමණ වූ කණ්ඩායමකින්ද සෑදී සිටියහ.
සැමදා බස්රියේ යන්නන් හැරුණු කොට අලූතින් ගොඩවන්නන්ට ඔවුන්ගේ කිට්ටුවන්ත කමක් නොවීය.
විවිධ වර්ණවලින් යුත් සාරිවලින් තරුණියන් සැරසී සිටි අතර තරුණයෝද ඊට ගැළපෙන වැදගත් කමක් ආරෝපණය කොටගෙන සිටියහ.
බස්රථය ඉදිරි ප‍්‍රධාන නැවතුම් පොළකට ළඟා විය.
පිරිසක් බැසීමට සිටි අතර මගීන් විශාල පිරිසක් බස්රථයට ගොඩවීමට ද සිටියේය.
පිටුපස අසුනේ එක් අයකු නැගිට්ටේය. එම ස්ථානයෙහි වාඩිවීමට මැදිවියේ කාන්තාවක් සුදානම් වූවාය. නමුත් පසුපස කල්ලිය ඊට ඉඩ නොදුන්නේය.
තරුණියන් පිරිස ඒ තැනට කල්ලියට ගැළපෙන තරුණයකු වාඩිකරවා ගත්තේය.
සිද්ධිය දුටුවේ පසෙක වෙනත් අසුනක වාඩි වී සිටි සරමක් බැනියමක් හැඳ සිටි මැදවියේ පුද්ගලයෙකි.
සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි කාන්තාව දෙස ඔහු ඕනෑ කමින් බැලූවේය.
”එන්න නෝනා මෙතැනින් වාඩිවෙන්න. මම දැනුයි දැක්කේ. නෝනාට පින් සිද්ධ වෙන්න මට දැන් ඇවිදින්න පුළුවන්. හිටගෙන ඉන්නත් පුළුවන්. නෝනා මොකද අද බසයේ.”
ඔහු හුන් තැනින් නැගිට ආසනය දුන්නත් ඇය ඔහු නැවතත් වාඩි කරවූයේය.
”නෑ නෑ ඔයා වාඩි වෙන්න මට තව දුරයි නේ. අද වාහනයේ පොඩි ලෙඩක් වුණා. ඒ නිසයි බසයේ ආවේ.”
බස්රථය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ රෝහලක් අසල නැවැත්වීය.
ඇය එතැනින් බැස ගියාය.
”ඔය ළමයි දන්නවාද? ඒ නෝනා මේ ඉස්පිරිතාලේ අහවල් වාට්ටුව භාර දොස්තර නෝනා. ඇය හින්දයි මම අද දෙපයින් ඇවිදල යන්නේ.”
වැඩිහිටියා එසේ කියද්දී පසුපස අසුනේ තරුණයෝ කිහිප දෙනෙක් ලජ්ජාවෙන් ඇඹුරුණහ.

