ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා සිටි එම ආයතනයේ විෂය බාර නිලධාරියකුට මෙන්ම එම ආයතනයේ ප්‍රධානියා ඇතුළු සෙසු සේවකයින්ට අදාළ කාන්තාවගේත් ඇගේ සැමියාගේත් තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇතැයි කියවෙන සිද්ධියකි.
අපහසුතාවට පත්‍් ආයතනයේ නිලධාරියකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ බොහෝ පිරිසක් සිය සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා රාජ්‍ය ආයතනයකි. ඇතැම් සේවාවන් සැපයීමේදී නියමිත පෝරමයක් සම්පූර්ණ කීරීම සඳහා සිය තොරතුරු ලබා දීමට සේවා ලාභියාට සිදුවන අතර එහි ඔහුගේ හෝ ඇයගේ දුරකතන අංකයද සටහන් කළ යුතුය.
පසුගිය දිනක කිසියම් සේවාවක් ලබා ගැනීමට පැමිණි පෙරකී කාන්තාවටද අදාළ පෝරමය පිරවීමට අදාළ නිලධාරියා වෙත තොරතුරු ලබා දීමට සිදුවූ අතර නම, ගම, ලිපිනය, වයස ආදිය එහි සටහන් කෙරිණි . එහි එක් තැනක ඇගේ දුරකතන අංකයද සටහන් කළ යුතු වූ අතර එය ඉල්ලා සිටි නිලධාරියාට සිදුවූෙය් තුන් හිතකින්වත් නැති සිදුවීමකි.
‘‘නමයි, වයසයි, ගෙදර ඇඩ්‍රස් එකයි ගත්ත මදිවට ටෙලිපෝන් නොම්බරයත් ඉල්ලනවා. මගේ මිනිහ ගෙදර නැති වුනාට හිතන්න එපා මම ඒ ජාතියේ කියලා” යැයි ආයතනය දෙවනත් වන්නට කෑ මොර දුන් කාන්තාව එය යළි යළිත් පවසමින් විෂය බාර නිලධාරියාට යන එන මං නැති කළේය.
සිදුව ඇති දේ අවබෝධකරගත් ආයතනයේ පිරිස ඇයට කරුණු පහදා දෙන්නට කොතෙක් වෙහෙස ගත්තද ඉන් පලක් නොවිණි. අවසානයේ සිද්ධිය ආයතනයේ ප්‍රධානියා වෙත ඉදිරිපත්වුවද එය පිළිගත්තේ ඇය නොවේ.
අවසානයේ සිද්ධිය ඇගේ සැමියාටද ඇය පවසා ඇති අතර දිනකට කීප වරක්ම ආයතනයට ඇමතුම් ලබා ගනිමින් අදාළ නිලධාරියාටත්, දුරකතන ඇමතුම ලබා ගන්නා ඕනෑම අයෙකුටත් බැන තර්ජණය කිරීම මේ වන විට පුරුද්දක් වී ඇතැයි ආයතන සේවකයෝ පවසති.
වියලුව වාර්තාකරු