පොල් කඩන්නාගෙන් අයිතිකාරයාට අපූරු උපදෙස් මාලාවක්


පොල්කඩන්නකු සොයා ගිය පුද්ගලයකුට අපූරු අත්දැකීමක් ලැබුණි. පොල් ති‍්‍රකෝණයේ පිටිසර ගමකින් වාර්තාවූ එම පුවත මෙසේය. මේ ප‍්‍රදේශයේ පොල් කඩන්නෝ කලකට පෙර බොහෝ වූහ. අදත් රෑට එවැනි පිරිස් සුලබය.  දවල්ට එවැන්නෙකු සොයාගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම තරම් දුර්ලභ වූද අමාරු වූද කාර්යයකි. තම ගමේ පොල්කඩන්නෙක් නැත.  අල්ලපු ගමේ නම් එක් අයෙක් සිටී. පොල් ගස් හිමියා දිනක් පෙරවරු දහයට පමණ ඔහු සොයා ගියේය. පොල් කඩන්නා බැහැරව ගොසිනි. සිටියේ ඔහුගේ තරුණ බිරියයි. අමුත්තා දුටු බිරිය ඇයි මහත්තයා හමුවෙන්නද ඇසුවාය. ඔව් පොල්ගස් කීපයක පොල් වේළිලා වැටෙනවා. එහෙමද? ඉන්න කියා ගෙට ගිය ඇය ඇක්සයිස් පොතක් හා පෑනක් ගෙනැත් ඔහුට දුන්නාය. පොතේ මෙසේ ලියා තිබිණි. සෑම මසකම පසළොස්වක පෝ දින හා බදාදා දිනවල අප නිවාඩු බව සලකන්න. ඔබේ නම ලිපිනය හා දුරකථන අංකය  සහ ගෙඩි කැඞීමට  ඇති පොල්ගස් ගණනද මෙහි සටහන් කරන්න. දුරකතන අංකයට රාතී‍්‍ර නමයත් දහයත් අතර අමතමි. ගස් හිමියා පොතේ සඳහන් පරිදි කටයුතු කර ආපසු ආවේය. එදිනම රාතී‍්‍ර නමයෙන් පසු ඇමතුමක් ලැබිණි. ඔබේ පොල් කැඞීමට ඇත්තේ ගස් පහක් බව සඳහන්ව තිබුණා. මම දිනකට පොල් කඩන්නේ  ගස් විස්සක පමණයි. ගහකට ගන්නේ රුපියල් පනහයි. ගමේ ඇවිද තවත් ගස් පහළොවක් සොයා මගේ මේ අංකයට අමතන්න. වහාම පැමිණෙමි. දුරකතනයෙන් එසේ පැවසීය. ඔහු හමුවීමට ගිය පුද්ගලයා ඔහු දුන් උපදෙස් පිළිපැද්දේය. ගෙවත්තේ පොල්ටිකද හොරුන්ගෙන් බේරාගත්තේය.