පෙම්වතිය සොයාගෙන ඇවිත් දෙදහස් පන්සීයක දඩයකුත් ගෙවා ගිහින්


සිය පෙම්වතිය සොයාගිය පෙම්වතකුට ඇය හමුවීම වෙනුවට රුපියල් දෙදහස් පන්සීයක දඩ මුදලක් ගෙවා ආපසු තම ගම් පළාතට යාමට සිදුවීමේ පුවතක් පොල්පිතිගම නගරයෙන් වාර්තාවේ. පෙම්වතා ගල්නෑව අවට ගම්මානයක පදිංචි කරුවෙකි. පෙම්වතිය පොල්පිතිගම නගර සීමාවේය. ලැබෙන විවේකයක දී ඇය හමුවීමට පැමිණෙන ඔහු ඉකුත් දා තවත් අයකුගේ යතුරුපැදියකින් තනියම ඇය සොයා එන ගමනේ දී පොල්පිතිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කර තිබේ. රියැදුරු බලපත‍්‍රය නැත. එනිසා එතැනින් බේරීමට කොතරම් ආයාචනා කළද නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසිය පසුබට නොවීය. ඒ අනුව රුපියල් 2500ක දඩ මුදලක් ගෙවා එම රිසිට් පත් යළි පොලිසිය වෙත පෙන්නා යතුරු පැදිය සතු අදාළ ලියකියවිලි භාර ගන්නා විට කාලවේලාවද ඉක්මවා ගොස් තිබුණි. සිදුවූ අකරතැබ්බය හමුවේ අයිතිකරුට යතුරු පැදිය භාරදීමට කියූ වේලාවද පමා වී ඇති බැවින්, පෙම්වතිය හමුවීම පසුවට තබා ගමරට බලා ගියේය.