පාසල් වියේ විවාහ ගිවිසුමක් අරන් නෑනා සොයාගෙන මස්සිනා ගිහින්
පාසල් වියේදී අභ්‍යාස පොතක ලියා සහතික කළ විවාහ ගිවිසුමක් කඩ කරන ලද්දේ යැයි පවසමින් නෑනාට එරෙහිව සටනක් කළ මස්සිනා කෙනෙක් ගැන අසන්නට ලැබුණේ ඌව පළාතේ උපනගරයකිනි.
එකම පාසලේ එකම පන්තියේ උගත් මේ නෑනා මස්සිනා අතර විවාහ ගිවිසුම අභ්‍යාස පොතක ලියැවුණේ පන්තියේ යහළුවන්ගේ උසුළු විසුළු මැද විහිළුවටය. අට වසරේ පන්ති නායකයා ද එම අත්සන් සහතික කර තිබිණි.
මස්සිනාගේ ඉගෙනුම අතරමග නතර වුණත් නෑනා සරසවියට පිවිස උපාධිය ලබා ගුරු මෙනෙවියක වූවාය. පසුගියදා ඇගේ අත ගැනීමට ආවේ ද ගුරු මහතෙකි.
මෙය සැල වූ මස්සිනා අභ්‍යාස පොත රැගෙන ඇගේ පියා වෙත ගොස් කරුණු කියා නෑනාගේ අයිතිය තමාට බව කීවත්, ඔහුගේ මෝඩකම හඳුනාගත් තරුණියගේ පියා නෑනා මස්සිනා විවාහයේ නොගැළපෙන කරුණු කියා දී මස්සිනාගේ සිත සැනසුවා ලූ.

